[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අසූදෙවැනි වියට පා තබන ගන්තුනේ අස්සජි මහ නාහිමියෝ

අසූදෙවැනි වියට පා තබන ගන්තුනේ අස්සජි මහ නාහිමියෝ

පුණ්‍යවන්ත කුල කුමරුවන් 1942 නොවැම්බර් 11වැනි දින ජන්ම ලාභය ලැබීය. 1956 නොවැම්බර් 12 වැනි දින කෑගල්ල අලපලාවල ශී‍්‍ර ඤාණතිලක පරිවේණාධ්‍යක්ෂ අලපලාවල මහින්ද ඤාණතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ හා මඩවල ආනන්ද ඤාණතිස්ස නාහිමිපාණන් වහන්සේ දෙනමගේ ආචාර්ය උපාධ්‍යයත්වයෙන් මෙම පුණ්‍යවන්ත කුලකුමරුවා ගන්තුනේ අස්සජි යන පැවිදි නාමයෙන් සාසනයට ඇතුළත් විය.

උන්වහන්සේ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහා නායක ධූරය හොබවමින් සිය නිකායේ අභිවෘද්ධිය සඳහා ද විවිධ තනතුරු දරමින් අතිවිශිෂ්ඨ සේවාවක් සිදු කරති. නාහිමිපාණන් වහන්සේගේ අසූ දෙවැනි ජන්ම දිනය නිමිති කරගෙන නොවැම්බර් 11 වැනි දින යට්ටෝගොඩ දම්රජ විහාරස්ථානයේ සර්වරාති‍්‍රක පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසු දින සංඝගත දක්ෂිණාවක් ද පිරිනමා උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට කටයුතු යොදා ඇත.

නාහිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා'යි ප්‍රාර්ථනා කරමු.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]