[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සමාජ සේවයට උපහාරයක්

සමාජ සේවයට උපහාරයක්

1943 ඔක්තෝබර් 25 වනදා කළුතර එතනමඩල ජාවත්තේ ඉපිද, කළුතර තිස්ස මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලබා සමාජ සේවය නිසාම රැකියාවක් නොලබා අවු. 35දී ග්‍රාම නිලධාරියකු වශයෙන් කළුතර පනාපිටිය වසමේ රාජකාරිය ආරම්භ කළේ ය. කළුතර එතනමඩල කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කළේ එවක තිබූ ග්‍රාම සංවර්ධන සමිතිය මඟිනි. එය ආරම්භයේ සිට අවසානය දක්වා අවු. 13ක කුඩා දරුවකු ලෙස කැප වී කටයුතු කළ නිසා 1957 තිබුණු රජයේ ස්වදේශ කටයුතු ඇමති ඒ.පී. ජයසූරිය ඇමතිතුමාගේ ගෞරවයට මොහු පාත්‍ර විය.

රාජකාරිත්වය දේව කාරියක් ලෙස සලකා 87,88,89 යන වර්ෂවල දී කල්පනාකාරීව කටයුතු කරමින් ජීවිතය රැකගෙන ගංවතුර රාජකාරි වැනි භාරධූර කාර්යයන් අවුරුදු 12ක් එම වසමේ ම සේවය කර කුරුණෑගල, උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දකුණු දුනකදෙණිය වසමට ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණියේ ය. මෙම වසමේ කටයුතු කිරීමට පොදු ස්ථානයක් නොතිබූ බැවින්, ප්‍රදේශයේ තරුණ අය සමඟ එක්ව “ශ්‍රම ශක්ති” ශාලාව නමින් පොදු ගොඩනැඟිල්ලක් සාදවා එහි සේවය ආරම්භ කළේ ය. දුනකදෙණිය ග්‍රාමීය රෝහලට “ශ්‍රමශක්ති” නමින් දන්ත ශල්‍යාගාරයක්, රසායනාගාරයක් මුළුමනින්ම ශ්‍රම දායකත්වයෙන් තනවා රජයට භාරදී ඇත. අද වන විට ලබාගත් ප්‍රයෝජනය මූල්‍යමය වශයෙන් රුපියල් කෝටි ගණනකි. පූර්ණ ශ්‍රමය යොදවා ඉතා අලංකාර රෝගී පර්යන්ත ඒකකයක් තනවා රජයට භාරදී ඇත.

ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය වැඩිකරලීම සඳහා, බෞද්ධ කොඩි රැලි පාලමක් ලෙස සකස්කොට මුළු පළාතේම මාර්ග වර්ණවත් කළේ මෙම අයගේ මූලිකත්වයෙනි. ආගමික වශයෙන් උඩවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැඟිල්ල දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙසට සකස් කළේ මෙතුමාගේ මූලිකත්වය මත ය. දහම් පාසල් දරුවන් සඳහා දහම් අධ්‍යාපනය පහසු කිරීම සඳහා ලී බඩු උපකරණ, නිල ඇඳුම්, ධර්ම දේශනා පවත්වමින් දරුවන් යහමඟ ගෙනයාම සඳහා කැපවූ අයෙකි.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]