[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

උතුම් දහම් ප්‍රතිපදාවට මේ සුදුසුම කාලයයි

ලාංකීය අපට මෙන් ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි. එයට හේතු වනුයේ, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, නන්ද කුමරුගේ පැවිදි බව ලැබීම, යශෝධරා දේවියගේ ගෞරවය ප්‍රකාශ කිරීම, රාහුල කුමරුන්ගේ පැවිදි බව ලැබීම, නිග්‍රෝධාරාමය පූජා කිරීම, ශාක්‍යයන්ගේ මානය දුරුකිරීම, ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩීමේ අගය කියාදීම ආදි සුවිශේෂී සිදුවීම් ය. ඒ අනුව හේමන්ත ඍතුවේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධි සමූහයක් සිහියට නංවන මංගල දිනයකි. ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙන සුද්ධෝදන පිය මහ රජතුමාටත්, ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් යහපත උදාකරනු පිණිස රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර නුවරට වැඩමවීමට ගමනාරම්භ කළේ මැදින් පුන් පොහෝදාක ය. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට රජගහනුවර වැඩ වසන බව ශාක්‍ය ජනපදයට ආරංචි විය. සුද්ධෝදන රජුට ස්වකීය පුත්‍රරත්නය දැකීමේ ආශාව බලවත් විය ය. අවස්ථා නවයක දී ප්‍රධාන ඇමතිවරු නව දෙනකු යටතේ නව දහසක් සේනාව බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමට රජගහනුවරට පිරිස යැවීය. ඔවුහු සියලු දෙන උතුම් බුදු සසුනේ පිහිට ලබා පැවිදි වී මහ රහතන් වහන්සේ බවට පත් විය. රජු කනස්සලෙන් පසු විය. අවසානයේ දී බෝසතාණන් වහන්සේ සමඟ එකදා උපන් කාලුදායි ඇමති දහසක් සේනාව සමඟ පැවිදි වීමට රජුගෙන් අවසර ලබා ගෙන ම පිටත් විය. මේ වන විට ශාක්‍ය ජනපදයේ කුල කුමරුවන් දස දහස් දහයක් සම්බුදු සසුනේ පැවිද්ද ලබා මහරහතන් වහන්සේ බවට පත්වූහ. කාලුදායි තෙරුන් පැවිද්ද ලබා සතියකට පසු පිය මහ රජුගේ ආරාධනාව සිදු කරමින් රජගහනුවර සිට කිඹුල්වතට ඇති මාර්ගයේ සුන්දර වර්ණනාවක් සිදුකළේ ය. එකී පරිසර වර්ණනාව හේමන්ත ඍතුවේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමකි.


මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]