[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යොත්සවය පසුගියදා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේ දී පැවති අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබූ අයුරු.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිංගප්පූරුවේ වැඩවසන කෝංගල ධම්මික නායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිංගප්පූරු බැතිමතුන් කතරගම පුදබිමට පැමිණ ලක්ෂ 25කට අධික වියදමක් දරා වියළි ආහාර ද්‍රව්‍ය රුහුණු කතරගම මහා දේවාලය, ඉදිරිපිට දාන ශාලාවේදී බෙදාදීම ඉකුත්දා සිදුකෙරුණු අවස්ථාව.

 හම්බන්තොට සිංහගිරි දහම් පාසලේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය හම්බන්තොට සිංහගිරි විහාරයේ විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි . එහිදී සිසුන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමූ අයුරු.

නිට්ටඹුව, රන්පොකුණගම ශ්‍රී සුචරිත දහම් පාසලේ අභිනව ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම දහම් පාසලේ ප්‍රධානාචාර්ය බෝලියැද්දේ විමලානන්ද සහ උපප්‍රධානාචාර්ය බෝලියැද්දේ ධම්මකිත්ති යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන ධර්ම ශාලාවේ දී පසුගිය දා සිදු කෙරුණි.
වතුපිටිවල, එස්.යූ.ඩබ්. කේ. ජයවර්ධන

කෑගලු දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අතිශය දුෂ්කර ගමක් වන කොටලුගොඩකන්ද ග්‍රාමයේ ගල් තලාවක් මත පිහිටා තිබෙන ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය වසර සියයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියනු ලබන විහාරස්ථානයකි.
වසර සියයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කීවත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකගේ අඩුපාඩුව පැවති හෙයින්, මීට මාස හයකට පමණ ඉහත දී චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීමේ උතුම් කාර්යය වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කර ඇත.
මේ වන විට එහි ගර්භය ඉදිකිරීම දක්වා වැඩ කටයුතු අවසන් වී ඇත. ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාගෙන කටයුතු කරන කිසිවෙකුත් නොමැත. දැඩි අධිෂ්ඨානයකින් යුතුව මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරන නිසාම “අධිෂ්ඨාන මහා සෑය” නමින් එය නම් කර ඇත.
විහාරාධිපති ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති පෑලියගොඩ සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගෙන් හා විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පොත්තෙකන්දේ ඤාණාවාස ස්වාමීන් වහන්සේගේ ද අවවාද අනුශාසනා ඇතිව ඉදි කෙරෙන මෙම චෛත්‍ය සඳහා පින්වත් සැමට දායක විය හැකි බව කුලියාපිටියේ ඤාණසිරි හිමියෝ පවසති.
 

බිංගිරිය ලේක්හවුස් පුවත්පත් අලෙවි නියෝජිත මිල්ටන් දොඩම්ගොඩ ආරච්චි මහතා විසින් වාර්ෂිකව සිදු කරනු ලබන “බුදුසරණ” පුවත්පත් හා අටපිරිකර ඇතුළු සෙසු පිරිකර පූජාව පසුගිය දා බිංගිරිය - ශ්‍රී ශාක්‍යමුණි ජාත්‍යන්තර සදහම් සේනාසනය මුල්කොටගෙන පවත්වනු ලැබීය.
මෙම සෙනසුනෙහි නිර්මාතෘ, කුරුණෑගල මහදිසාවේ උපප්‍රධාන සංඝනායක, පණ්ඩිත හොරගස්අගාරේ සුසීම නාහිමියන් වෙත “බුදුසරණ” පුවත්පත පිරිනැමූ අයුරු.
(බිංගිරිය - ඊ.එම්. ලහිරු මධුසංඛ)

 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]