[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සමඟිය නැති තැන දියුණුව දෙදරා යයි

අද ධර්ම දේශනාව මඟින් බුදුරජාණන් වහන්සේ සමඟිය පිළිබඳ දේශනා කළ දහම් කරුණු ස්වල්පයක් පහදා දෙන්නටයි මා බලාපොරොත්තු වන්නේ; සමඟිය පිළිබඳ විශේෂ අවධානයකින් බුදුරජාණන් වහන්සේ නිතර දහම් දෙසුවේ කුමන කරුණක් නිසා ද යන්න බුද්ධ කාලීන සමාජය ගැන සිතා බැලීමෙන් වටහා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධම්මචේතිය සූත්‍රයේ දී මෙසේ පෙන්වා දී තිබෙනවා. “බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන් සමඟ විවාද කරති. කළහ කරති. රජවරු රජවරුන් සමඟ විවාද කරති. කළහ කරති. ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයන් සමඟත්, පුතා මව සමඟත්, පියා පුතු සමඟත්, පුතා පියා සමඟත්, සහෝදරයා සහෝදරයා සමඟත්, සහෝදරිය සහෝදරිය සමඟත්, යහළුවන් යහළුවන් සමඟත්, වාද කරති, කළහ කරති...” පුද්ගලයින් එකිනෙකා දබර කර ගනිමින්, ඇනකොටා ගනිමින් තිරිසනුන්ටත් වඩා පහත් ලෙස භේදව සිටි අවස්ථාවක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ, සමඟිය හෙවත් එකමුතුකම අතිශයින්ම ශ්‍රේෂ්ඨ කොට දෙසීම විප්ලවකාරී කරුණක් වුණා. භික්ෂූන් වහන්සේ අවශ්‍යයෙන්ම සමගිව විසිය යුතු බවත්, කටයුතු කළ යුතු බවත්, එම සමඟිය උන්වහන්සේගේ යහපත පිණිස හේතු වන බවත් “සුඛා සංඝස්ස සාමග්ගී” යනුවෙන් දේශනා කළහ. බහුජන හිතසුව පිණිස හැසිරෙන භික්ෂූන් අන් අයට ආදර්ශයක් වන ලෙස සමඟි බැම්මෙන් බැඳී ක්‍රියා කළ යුතු බව අවධාරණය කළහ. නිතරම සමඟිව රැස්ව, සමඟි සම්පන්නව කතාබහ කොට, සමඟියෙන් ම විසිර යා යුතු බව භික්ෂූන්ගේ දියුණුවට හේතු වන සප්ත අපරිහානිය ධර්ම දෙසීමේ දී බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.


බිනර අව අටවක පෝය

 සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]