[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සැදැහැ සිත් පුබුදන ඓතිහාසික කන්දෙ විහාරය

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් කරන විට හමුවන අවසන් නගරය වන්නේ අලුත්ගම නගරය යි. ඓතිහාසික කන්දෙ විහාරයට ආසන්න නගරය වන්නේ ද අලුත්ගම නගරය යි. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කිරීමේ දී කළුවාමෝදර පාලම අසල 59 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ ඇති කළුවාමෝදර කාලවිල මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් ගත් විට පුංචි කඳු ගැටයක පිහිටි රමණීය පුදබිමට පිවිසීමට හැකි ය. බෙන්තොට ගලපාත රාජමහා විහාරස්ථානය මුලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ ක්‍රි.ව. 1734 ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඝරජ වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දෙද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්දසාර නාහිමියෝ ය. ඓතිහාසික කන්දෙ විහාරයේ දී දිනපතා සිදු කෙරෙන ආගමික වතාවත් අතර ගිලන්පස, බුද්ධ පූජා, දේව පූජා ඇතුළු ආගමික වතාවත් මෙන්ම සෑම පොහෝ දිනකම දාන, සීල, භාවනා ධර්ම දේශනා, කිරිපිඬු හා මුලුතැන් පූජා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී. උඩුගම චන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් කන්දෙ විහාරයේ විහාරාධිපති ධූරය දරමින් එවකට විහාරස්ථානයේ මුලික පසුබිම ගොඩනඟා තිබේ. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියංගල ජිනාරාම, බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත යන විහාරාධිපතීන් වහන්සේ එදා මෙදා තුර කන්දෙ විහාරයේ සංවර්ධන කටයුතුවල නිරතව ශාසනයට සේවය කර තිබෙන යතිවරයාණන් වහන්සේ වූහ.

බිනර අව අටවක පෝය

 සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]