[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජාතියට ජීවය දුන් අසහාය නායකත්වය අනගාරික ධර්මපාලතුමා

වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාගේ සහ මල්ලිකා හේවාවිතාරණ ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුත් රුවන ලෙස ජන්මලාභය ලද අනගාරික ධර්මපාලතුමන් තත්කාලීන සමාජ සම්මතය අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ යයි නම් ලැබීය. කෝට්ටේ ක්‍රිස්තියානි පාසල, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක අධ්‍යාපනය ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා රජයේ ලිපිකාර තනතුරක කටයුතු කරමින් සිටියදී ගෘහස්ථ ජීවිතයෙන් වෙන් වී අනගාරික ජීවිතයට ඇතුළත්ව අනගාරික ධර්මපාල යයි නම් ලැබීය. කුඩා කල පටන් ම කොටහේන දීපදුත්තමාරාමයේ වැඩසිටි මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, විද්‍යොදය පිරිවනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි ශ්‍රේෂ්ඨ මහා යතිවරුන්ගේ ඇසුර ලබමින් බුදුදහම පිළිබඳ ඉගෙනීම ලද ධර්මපාල තුමන් සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ලංකාවට පැමිණීමෙන් පසු එතුමන්ගේ කටයුතු සඳහා ද දායකත්වය දැක්වීය. වර්ෂ 1892 අමෙරිකාවේ චිකාගෝ නුවර දෘෂ්ටි සම්මේලනයට සහභාගී වෙමින් බුදුදහම පිළිබඳ උනන්දුවක් යුරෝපීයයන් තුළ ඇති කරවීමට ධර්මපාලතුමා සමත් විය. දඹදිව බුද්ධගයාව හින්දු භක්තික මහන්තා විසින් තම ග්‍රහණයට හසු කරගෙන තිබෙනු දුටු ධර්මපාලතුමා මහාබෝධි සංගමය පිහිටුවා විධිමත් පියවර ගනිමින් බුද්ධගයා පුදබිම ඇතුළු දඹදිව සිද්ධස්ථාන යළි බෞද්ධයන් වෙත හිමි කර දීමට කටයුතු කළේ ය.


බිනර අව අටවක පෝය

 සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]