[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මට්ටකුණ්ඩලීට පිහිට වීම

ඇසළ පුර අටවක

 ජුලි 17 සෙනසුරාදා පූර්වභාග
04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

සංහිඳීයාවේ තෝතැන්න කතරගම ඇසළ පෙරහර

මෙවර කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ ශ්‍රද්ධාවන්ත මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලේක්හවුස් ආයතනයෙනි

කතරගම යනු සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනාගේම වන්දනාමානයට ලක්වෙන පුණ්‍ය භූමියකි. කතරගම පුද බිම හා බැඳුණු ඉපැරැණි චාරිත්‍ර විධි මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ද පිහිටීම නිසා මේ පින් බිමට බෞද්ධ ජනතාව විශාල ලෙසින් පැමිණීමට හේතු වී තිබේ. මුස්ලිම් ජනතාව ද සිය ආගමික ස්ථාන කරා පැමිණෙන්නේ ඉමහත් බැතියෙනි. ‘කතරගම ගැන කතාකරන විට එහි දේවාලය හා කතරගම පෙරහර ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතුම ය. කතරගම පෙරහර ඉතිහාසයට අනුව එහි පෙරහර 3ක් අද දක්වාම පවත්වන බව පෙනෙන්නට තිබේ. ‘රුහුණු මහ කතරගම දේවාලය‘ නමින් හැඳීන්වෙන කතරගම දේවාලය කේන්ද්‍ර කර ගනිමින් අවුරුදු මංගල්‍යය පෙරහර, ඇසළ මංගල්‍යය පෙරහර හා ඉල්මහා කාර්තික මංගල්‍ය පෙරහර යනුවෙන් පෙරහර 3ක් පවත්වයි. එයින් කතරගම ඇසළ පෙරහරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ඇසළ පෙරහර මංගල්‍යය දින 15ක් තිස්සේම පැවැත්වෙන්නේ දෙවියන්ට ඉමහත් භක්තියකින් යුතුව කරන සැලකීමක් ලෙසිනි. කතරගම පෙරහරේ ප්‍රධාන අරමුණු 4කි. ඒ අපල උපද්‍රව දුරු කිරීම, දේවාශිර්වාදය ලැබීම හා රටට සෙත් පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම හා ස්වභාවික විපත්වලින් රට බේරා ගැනීම ය. පෙරහර ආරම්භය කප් සිටුවීමෙන් සිදු කෙරේ. ඇසළ මාසයේ පෙරහර කාල සීමාව පුරාම කතරගම දෙවියන් කපෙහි වාසය කරන බවට විශ්වාසයක් ජනතාව තුළ පවතී. ඒ නිසා සිටුවන ලද කප පූජා වස්තුවක් ලෙස සැලකේ. කතරගම පෙරහරට සම්බන්ධ චාරිත්‍ර අතර ගිනි පෑගීම, බිම පෙරළෙමින් චාරිත්‍ර හා භාර හාර ඉටු කිරීම, කටු ගැසීම ආදී දුෂ්කර කාර්යයන්හි නියැළෙමින් දෙවියන් ඉදිරියේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට බැතිමත්හු කටයුතු කරති.

 

ධර්ම දේශනාව:

දන්නා දෙය ගැන නොදන්නා ලෙස සිටින්නේ ඇයි?

අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං - අපමත්තා න මියන්ති - යේ පමත්තා යථා මතා, “පමා නොවීම නිවනට මඟ ය. පමා වීම මරණයට මඟ ය. පමා නොවූවෝ නොමැරෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති.” අප්‍රමාදය හෙවත් පමා නොවී ම, නැත හොත් අද කළයුතු දෙය හෙටට කල් නොදැමීම බුදු සමයේ දී ඉගැන්වෙන ඉතා ප්‍රකට සදූපදේශයකි. කි‍්‍රයාත්මක නොකළ ද අපේ ජන සමාජයට මෙම හදුන්වා දීම විරල වූවක් නොවේ. එහෙත් අපේ බෞද්ධ සමාජය තුළ ඇතැම්විට බොහෝ සෙයින් දන්නා දෙය වුවද නොදන්නා ලෙස සිටීමට කැමැත්තක් දක්වන අයුරු දක්නට ලැබේ. භාරත දේශය කි‍්‍ර.පූ: 06 සියවස වන විට විවිධ ආගමික ඉගැන්වීම් නිසා ජන මනස ඔද්දල් වූ ස්වභාවයක පැවතී බව ප්‍රකට කරුණකි. මෙම නිසා බුදුවරයන් වහන්සේ නමකගේ පහළ වීම මෙම සමාජය අපේක්ෂා අතර, සෙසු විවිධ ඉගැන්වීම් අතර බුදු දහම නැවුම් දර්ශනයකින් යුතු වූ ඉගැන්වීමක් වූ බව නොරහසකි. සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තත්කාලීන ව පැවති සාම්ප්‍රදායික ආගමික පරිසරය නව මඟකට යොමු කිරීම සදහා උන්වහන්සේගේ තාරුණ්‍ය හා සමාජ ප්‍රභූත්වය බහුල වශයෙන් හේතු වූවා යැයි අනුමාන කළ හැකි ය. එම සමාජයෙහි ආගමික නායකත්ව දරන ලද ෂට් ශාස්තෘවරුන් පිළිබඳව සිතා බැලුව ද එතුමන් වහන්සේලා සියලු දෙනාම ඉතා වයෝවෘද්ධ තත්වයෙන් පසු වුයේ වුව ද,බොහෝ පිරිස් සහිතව ගතානුගතික ව තම දර්ශනයන් ඉදිරිපත් කරමින් සිටි අය බවදක්නට ලැබේ.තරුණ පැවිද්දෙක් ලෙස සම්මා සම්බුද්ධත්වයට එළඹි තථාගතයන් වහන්සේ සමඟ එක්වූ බොහෝ දෙනා තුරුණු විය ඉක්මවුවෝ නොවූහ. අගසව් දෙනමගේ සිට යස සහ භද්දවග්ගිය ප්‍රමුඛ බුදුරදුන් වෙත එළඹි පිරිස්වල සියල්ලෝ ම තුරුණු වියෙහි පසු වූහ. ඔවුහු නව දහමක් පිළිබඳ අපේක්ෂාවන් ඇතිව පැමිණි පිරිසක් බව දක්නට ලැබේ. ඒ අනුව තථාගතයන් වහන්සේගේ දේශනාවන් පැවතී සාම්ප්‍රදායික ඉගැන්වීම් අභිබවනය කළ නවතම ඉගැන්වීම් ක්‍රමයක් විය.

 

සංවිධානය වූ චරිතය තමන්ට අභිමානයකි

සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් සමිද්ධි සූත්‍රය තුළ තරුණ සමිද්ධි හිමියන් තාරුණ්‍යය නියම ලෙස භාවිත කරන ආකාරය පැහැදිලි කළහ. මෙම සූත්‍රය තුළදී දේවතාවිය සහ සමිද්ධි හිමියන් අතර ඇතිවන සංවාදය වර්තමාන තාරුණ්‍යයට මහත් මඟ පෙන්වීමක් ලබා දෙන්නක් බඳු ය. සංවිධානය වූ චරිතයක අභිමානය සමිද්ධි හිමියන් ගේ වචන තුළින් මනාව ප්‍රකට වේ. අප බොහෝ විට කරුණාව භාවිත කරනවාට වඩා වැඩි වේගයකින් අවි භාවිත කිරීම සිදුකරයි. දහම පැත්තෙන් ගත් කල ද බොහෝ අය කල්පනා කරනුයේ දහම වයසක මහල්ලන්ට අයත් දෙයක් බව ය.ඒ බව භූමාටු දේවතාවියගේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත. සමිද්ධි හිමියන් තපෝදා නැමති උණුදිය සහිත විලට පැන් පහසුවීමට වැඩි අවස්ථාවක අල්පේශාක්‍ය භූමා ටු දේවතාවියක් උන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියා ය. එහිදී සමිද්ධි හිමියන් ඇය ඇමතූ අවස්ථාවේ ඇය මෙවැනි ප්‍රශ්නයක් උන්වහන්සේට යොමු කළා ය. “ඔබ වහන්සේ නොවළඳා සිඟා කති වළඳා සිඟා නොකති.” මෙහිදී දේවතාවිය අදහස් කරන්නේ පංචකාම සම්පත්තීන් විඳින්න තියෙන තරුණ කාලයෙහි ඔබ එය අත්හැර මහණ දම් පුරනවා. පළමුව පංචකාම සම්පත්තීන් විඳ පසුව මහණ වෙන්න යනුවෙනි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]