UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙලොව පලදුන් අකුසලය

මෙලොව පලදුන් අකුසලය

"දරුපල අහිමිවීම හේතු කොටගෙන තරුණයාගේ පාර්ශ්වයේ ඥාාතීන් නිතර ම ඒ පිළිබඳව විමසමින් ආඩපාලි කියන්නට පටන් ගත්හ. වෙනත් භාර්යාවක සරණ පාවා ගත හොත් හොඳය යන යෝජනාවට අනුව, පළමු භාර්යාව ද , දෙවන භාර්යාවක කැඳවාගෙන ඒමට කැමැත්ත පළ කර ඇත. තමන්ට දරුපල නොමැති නිසා වෙනත් බිරිඳක සරණ කරගැනීමේ වරදක් නොමැති බව, ඇය විසින් ද ප්‍රකාශ කර ඇත."

සැවැත්නුවර අසල එක්තරා ගමක මවක සමඟ තරුණ පුත්‍රයෙකු ජීවත් වූහ. කාලයාගේ ඇවෑමෙන් මවගේ ඉල්ලීම මත තරුණයා තරුණියක සරණපාවාගෙන සමඟි සම්පන්නව ජීවත් වුව ද , භාර්යාවට දරුපල අහිමි විය. දරුපල අහිමිවීම හේතු කොටගෙන තරුණයාගේ පාර්ශ්වයේ ඥාතීන් නිතර ම ඒ පිළිබඳව විමසමින් ආඩපාලි කියන්නට පටන් ගත්හ. වෙනත් භාර්යාවක සරණ පාවා ගත හොත් හොඳය යන යෝජනාවට අනුව, පළමු භාර්යාව ද , දෙවන භාර්යාවක කැඳවාගෙන ඒමට කැමැත්ත පළ කර ඇත. තමන්ට දරුපල නොමැති නිසා වෙනත් බිරිඳක සරණ කරගැනීමේ වරදක් නොමැති බව, ඇය විසින් ද ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳව සිතූ තරුණයා ද , තවත් භාර්යාවක නිවසට කැඳවාගෙන ඒමත් සමඟ දෙවන භාර්යාව සමඟ පළමු භාර්යාව ද , තරුණයාගේ මව ද , තරුණයා ද එක නිවසක ජීවත් විය. කාලයාගේ ඇවෑමෙන් දෙවන භාර්යාව දරු ප්‍රසූතියකට සූදානම් වන බව දැනගත් පළමු භාර්යාව සිත තුළ හටගත් ඊර්ෂ්‍යාව විසින් දරුවා ගබ්සා කිරීමේ අදහස පෙරදැරිව බෙහෙතක් සාදා කෑමට සැලැස් වුහ. එම බෙහෙත කෑමට පසු කුස තුළ සිටි දරුවා ගබ්සා වීමෙන් දරුවා අහිමි වීමත් සමඟ දරුවා නැති විමේ හේතුවට පළමු බිරිඳ වගකිව යුතු බවට තරුණයාගේ පාර්ශ්වයේ ඥාාතීන් ද ප්‍රකාශ කළහ. තමන් එසේ නොකළ බවට පළමු භාර්යාව ප්‍රකාශ කළ අවස්ථාවේ එසේ නොකළ බවට දිව්රීමට හැකි ද? යන ප්‍රශ්නය ඥාාතීහු ඉදිරිපත් කළහ. “ මම මේ දරුවා නැතිකිරීම කළේ නැහැ. එසේ කළා නම්, එන ආත්මයේ දී එක දිනකට දරුවන් පස් දෙනෙකු කන ප්‍රේතියක් වෙලා ඉපදෙන්නට ඕනෙ. මම ඒ වරද කළේ නැහැ”. යනුවෙන් තමා එම වරද නොකළ බවට ඇය දිව්රා ඇත. පළමු භාර්යාව එසේ දිව්රා සිටීමත් සමඟ තරුණයාගේ පාර්ශ්වයේ ඥාාතින් ද, පළමු භාර්යාව වරද කළාය යන සිතිවිල්ල සිතින් ඉවත් කර ගත්හ. එසේ වුවද, තමා කළ අකුසලය තමාගේ මනසෙහි රැඳි පවතී.

පළමු භාර්යාව මරණයට පත්ව තමන් කළ කර්ම විපාකයට අනුව හාත්පස නිලමැස්සන් වසමින් දුගඳ හමන සිරුරක් සහිත ප්‍රේතියක්ව අසල ගමක උප්පත්තිය ලැබීය. එසේ උප්පත්තිය ලැබූ ප්‍රේතියට උදය වරුවට දරුවන් පස් දෙනෙක් ලැබෙන අතර ඇය එම දරුවන් පස්දෙනාම ආහාරයට ගෙන තමන්ගේ කුසගින්න නිවාගත්තාය. ඒ ප්‍රේතියට හවස් වරුවට දරුවන් පස් දෙනෙක් ලැබුණ ද , සවස් වරුවට ද , එම දරුවන් පස්දෙනාම ආහාරයට ගෙන කුසගින්න නිවාගැනීමට උත්සාහ කළ ද කිසිදා නිමා නොවන කුසගින්නකින් පීඩා විඳ ඇත. එම කතාව පේ‍්‍රත වත්ථුව නමැති බණ පොතේ සඳහන් ව ඇත.

දරුවන් පස් දෙනෙක් ආහාරයට ගත්ත ද, කිසිදා නිමා නොවන කුසගින්නකින් අනන්ත අප්‍රමාණව දුක් පීඩා විඳිමින් සංසාර ගතව දැඩි දුක්ඛිත ජීවිතයක් උරුම විමට හේතුව මේ ප්‍රේතිය ඊට පෙර ආත්මයෙහි බොරුවට දිව්රීමේ අකුසලය ලෙස සඳහන් කළ හැකි ය. දිව්රීම එතරම් අයහපත් දෙයක් නොවුණ ද , අසත්‍යයට දිව්රීම බරපතළ පාප කර්මයකි. එම නිසා එම අපා දුකෙන් ගැලවීමට කැමැති බොහෝ දෙනා මෙබඳු වංචා සහගත ක්‍රියා සිදුකිරීම නුසුදුසු බව මේ කතාවෙන් පැහැදිලි වේ.

මේ කතාව වර්තමාන සමාජයේ සිදු වූ එක්තරා සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය. මවක් විසින් තමාගේ දරුවන් ආදරයෙන් ,සෙනෙහසින් , ආරක්ෂා කරමින් හදාවඩාගනු ලැබුවාය. එම මව තමන්ගේ දරුවන් පමණක් ආදරයෙන් ආරක්ෂා කරමින් අනෙක් දරුවන්ට ද්වේෂ කළාය. එම දරුවන්ට හැතිකරේ යනුවෙන් බැණ වදිමින් ඉවත් කර ඇත. දරු දෙගොල්ල සෙල්ලම් කරන අවස්ථාවෙහිදීත් තමාගේ දරුවන් පමණක් ආදරයෙන් සෙනෙහසින් වෙන්කර ගනිමින් ආරක්ෂා කරමින් අනෙක් දරුවන් මකබෑවියන් , විනාශ වෙයන් යනුවෙන් ප්‍රකාශ කළාය.

නූගත් ම්නිසුන්ගේ දරුවන් , සමාජ තත්ත්වයක් නැති මිනිසුන්ගේ දරුවන් ලෙස ද, දරුවන්ට ගර්හා කරමින් තමන්ගේ දරුවන් පමණක් ඉහළ තත්ත්වයේ තබාගෙන බොහොම ආදරෙන් සෙනෙහසින් ආරක්ෂා කළහ. කාලය කෙමෙන් ගෙවීයාමත් සමඟ කුඩා දරුවන් තරුණයන් වැඩිහිටියන් බවට පත්වන විට තරුණ වියේ පසුවූ මව ද වයසට ගියාය. මව විසින් වෙහෙසව උගන්වන්නට යෙදුන තම දරුවන් හොඳට ඉගෙන ලංකාව අතහැර විදෙස් ගත විය. එක් දරුවෙක් ඕස්ට්‍රේලියාෙවි ද , අනෙක් දරුවා අමෙරිකාෙවි ද , අනෙක් දරුවා චීනයේ ද ආදී වශයෙන් දරුවන් විදෙස් ගත වුවද, තමාගේ මව කිසි විටෙකවත් සිහිපත් කළේ නැත. තම මවට ජීවත් වීමට අවශ්‍ය මුදලක් හෝ තොරතුරු විමසමින් සෙනෙහස පෙරදැරිකරගත් ලියුමක් එවීමට හෝ දුරකථන පණිවුඩයක් ලබාදීමට ද ඔවුන් කටයුතු කළේ නැත.

එම මව අනෙක් දරුවන්ට නින්දා අපහාස කරමින් ගර්හා කළ විපාක මෙලොවදීිම විඳිමින් බොහෝම දුකසේ ජීවත්ව අවසානයේ මරණයට පත්විය. එම මව සෙනෙහසින් හැදූ වැඩූ තමන්ගේ දරුවන් කවුරුත් එම අම්මාට සැලකිීමට, ඇප උපස්ථාන කිරීමට නොපැමිණීමේ කරුමය ලෙසට ඒ අම්මා, තාත්තා තුළ සිව්ඹබ විහරණ යන උතුම් මෛත්‍රී ගුණ ධර්ම නොතිබීම ලෙස සඳහන් කළ හැකිය. එම අම්මා තමන්ගේ දරුවන් පමණක් දරුවන් ලෙසට සිතමින් අනෙක් දරුවන්ට ගර්හා කරම්න්, නින්දා අවමන් කරමින් කටයුතු කිරීමේ විපාක වශයෙන් එම අම්මාත් ගර්හාදායක ආකාරයට බොහොම දුකට පත්ව සැහැල්ලුවක් නොලබාම නින්දා කටයුතු ආකාරයට මරණයට පත්ව බොහොම දුකට පත්ව සැහැල්ලුවක් නොලබාම මරණයට පත් විය.

 

උඳුවප් පුර පසළොස්වක පෝය 


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි. එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]