UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.


ත්‍රිශික්ෂාව හැඳින ගනිමු...

ත්‍රිශික්ෂාව යනු කුමක් ද? ශික්ෂාව යනු හික්මීම යි. ත්‍රි යනු තුන යි. එහි අර්ථය සංවර 3 ක් යන්නයි. ඒවා නම් සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව යන්නයි. එයින් සීල ශික්ෂාවට ඇතුළත් වන්නේ අයහපත් වැරැදි වචන, කතා නොකර, යහපත් වචන කතා කිරීම හා වැරැදි කායික ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවල යෙදීමත් වේ.

සමාධි ශික්ෂාව යනු කුසල් සිතේ එකඟබව හා සිත යහපත් අරමුණක තබා ගැනීම යි. අපේ සිත එහේ මෙහේ ගමන් කරන්නේ අකුසල් සිතුවලි නිස යි. බොහෝ ලෙස නීවරණ නම් අකුසල් සිතුවිලි පහ මේවාට හේතුවෙයි. ඒවා මගහැරීමට නම් මෙම නීළවරණ මඟ හැරිය යුතු ය. කාමච්ඡන්ද නම් කාමයට ඇති ආශාවයි – කාමය යන්නට පි‍්‍රයමනාප රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, ආදිය අයත් ය.

ව්‍යාපාද නම් – ක්‍රෝධය, තරහව, නැසේවා, වැනසේවා යන සිතුවිලි ය. මේවා නිසා අපටත් අන් අයටත් සිදුවන්නේ අයහපතකි. ථීනමිද්ධ නම් – සිතේ ඇතිවන උදාසීන, කම්මැලි බවයි. මේවා අපේ ඉදිරිගමනට බාධා පමුණුවයි. උද්දච්ච නම් – සිත විසිරී යාම වේ . අපගේ සිතට නියමිත ස්ථානක් නැත. සිතට ඕනෑම තැනකට විසිරීයාමට හැක.

කුක්කුච්ච නම්– තමන් කළ පව් ගැනත්, නොකළ පින් ගැනත් පසුතැවීමයි. විචිකිච්චාව නම් – බුද්ධ, ධම්ම, සංඝ රත්නය කෙරෙහි වු සැක වේ. එයින් සිදුවන්නේ පාපයකි.


පොහොය දාට පන්සල...

පන්සල් මළුවේ සුදු මල් ඇතිරේ
වෙහෙර බලා සැවොම එතේ
පහනේ එළියෙන් පන්සල දිලිසේ...

සඳ කුමරුන් එළිය දෙමින් විහිදේ
දහම් දෙව්ලොව මෙය වේ
පන්සල නිසා අපේ පව්කම් දුරුවේ...

වඳිමි වඳිමි ලොව්තුරු හිමියන්
සිත් සනසා සනසා මේ පෝය දිනේ
සිත තැන්පත් වේ
පන්සලේ අසිරිය මෙය වේ...


මගෙ ආදර අම්මා

ආදරයේ උල්පත වූ මගේ ආදර අම්මා
සෙනෙහස් මහ ගංඟාවයි මගෙ ආදර අම්මා
පෑල දොරෙන් ගෙට වඩිනා හිරු කිරණයි අම්මා
ගුණ සුවඳින් මා නැහැවූ ආදර මගෙ අම්මා

උදයේ පෑයු හිරු නුඹ ආදර මගෙ අම්මේ
තටු අග පිපෙනා කුසුමන් නුඹමයි අම්මේ
ජීවිත දහම මේ යැයි මට පෙන්වා දුන් අම්මේ
ඇයි ද ගියේ මා හැරදා ආදර මගෙ අම්මේ

පුරහඳ වෙලා නුඹ පායාපන් අම්මේ
සිහිනය වෙලා නින්දෙන් පෙනියන් අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
සසර දුකෙන් එතෙරට ගොඩ වෙන් අම්මේ


මගේ රටට දළදා හිමි සරණයි

බුදුරජාණන් වහන්සේ වදාළ සුමිහිරි ධර්මය මෙතෙකැයි කියා නිම කළ නො හැක. සාගරයක් බඳු මේ ධර්මය උන්වහන්සේ දේශනා කළේ සියලු ලෝ වැසියන් සසර දුකෙන් එතෙර කිරීමේ අරමුණ පෙරදැරි කරමිනි.

අනුබුදු මිහිඳු මා හිමියන් ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක යන පිරිස මෙරටට වැඩම කළේ හෙළවැසි අපගේ හිතසුව පිණිස ය. මිහිඳු හිමියන්ගේ වැඩමවීමත් සමඟ අනුරපුර පූජනීය භූමියක් විය. බෝසතාණන් වහන්සේට බුදුවීම සඳහා සෙවන දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අප ලක්දිවට වැඩම කෙරුණේ ද බෞද්ධයන් වන අපගේම වාසනාවකට ය. එදා අප රටේ සිටි රජවරු ද වැඳුම්පිදුම් කිරීම සඳහා ඉතා විශාල වෙහෙර වහන්සේ ඉදි කළහ. දුටුගැමුණු රජු විසින් කරවන ලද රුවන්වැලි සෑය ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. දහම ප්‍රචාරය වීම නිසා ලක්දිව ඒකාලෝක විය. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් උතුම් දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙන ආ පසු බෞද්ධයන්ගේ ආලෝකය තව තවත් වැඩි විය. බෞද්ධ අපගේ මුදුන් මල්කඩ දළදා වහන්සේ ය.


පුංචි මෙහෙණියකි මම

කෙළවරක් නැති සසර සයුරේ
ඉමක් පෙන්වා
හිමි දෙසු දම් සවනට වැටි
පි‍්‍රය විප්පයෝගය ද දරා ගනිමින්
සියුමැලි කය කසාවතින් වසාගෙන
කෙසින් තොර හිසෙහි නුවණ රඳවා
අඩනෙත් තල්පතින් වසා
උරුම වු මරණය ගැන දෙසමින්
ලොව දුබල යැයි කියන මහණකම
වසාගෙන ගත කසාවත ගෙන
සඝමිත් තෙරණි වැඩි මඟ වඩින
පුංචි මෙහෙණියක් මම


මවුපිය සෙනෙහස

තුරුළට ගෙන මා සැනසූ අම්මා
මවු කිරි පොවා හැදූ වැඩු අම්මා
දඟ සෙල්ලම් දැක හිනැහී මගෙ අම්මා
සතුටින් කීවා මගේ පොඩි පුතු කියලා

සෙල්ලම් බඩු මා වෙත ගෙන දුන්න පියා
රෑ නිදි වරාගෙන වෙහෙසූ මගේ පියා
පොත්පත් ගෙනැත් දී දිරි දුන් මගේ පියා
හිස අත ගා මා සැනසු මගේ පියා

මවුපියෝ දෙදෙනා මගේ දුක සැප බලලා
කුසගිනි වූ විට මගෙ කුස පුරවලා
නිතරම මා වෙත පහසුව ගෙනැවිත් දුන්නා
මව් පිය දෙදෙනා මා ආදරෙන් රැක ගත්තා

පල්ලේගම .ධම්මරක්ඛිත හිමි,
මූලික ශ්‍රේණිය,
කො / මහා විසුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙන
කොළඹ 09.


අපේ පන්සල

රසන්ධි චංචලා
5 ශ්‍රේණිය
බ/ ශ්‍රී ධම්මානන්ද විදුහල
 

 

උඳුවප් පුර පසළොස්වක පෝය 


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි. එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]