UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුවේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුව සුබෝධාරාමයේ දී මෙම 29 වන දා පෙරවරුවේ සිදු කෙරේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සව සභාව නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

2017 නොවැම්බර් 2 වන දින සිට 7 වනදින දක්වා අරලියහග මන්දිරයේ දී පැවැත්වේ

බෞද්ධ දර්ශනය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර ලෝක බෞද්ධ මහා සම්මේලනය හත්වන වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත. බෞද්ධ දර්ශනය සහ දහම ප්‍රචාරය කිරීමේ අරමුණ පෙරදැරි ව මෙම ලෝක බෞද්ධ සමුළුව සියලු බෞද්ධ නිකායන්හි ආගමික මහා නා හිමිවරුන්, ශාස්ත්‍රපති ක්යුෂේ එන්ෂින් ජෝ, තායිලන්තයේ අතිපූජනීය නිකාය ප්‍රධාන මා හිමිපාණන් වහන්සේලාගෙන් හා ශ්‍රී ලංකාවේ අතිපූජනීය මහානායක මා හිමිපාණන් වහන්සේලා සහ ලෝක ප්‍රසිද්ධ උත්තරීතර බෞද්ධ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 1998 දී ජාත්‍යන්තර ලෝක බෞද්ධ සංගමය ආරම්භ කරන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර කතරෙන් එතෙර වීමට ...

අලුයම ලොව බලා මහා කරුණාවෙන් ලෝකවාසීනට පිහිටවීම සෑම බුදුවරයෙකුටම සුවිශේෂී වූ ලක්ෂණයකි. දිනක් හිමිදිරියේ බුදු කරුණාවට හසුවූයේ උදය බමුණා ය. පා සිවුරු ගෙන පෙරවරුවේ බුදුරදුන් උදය බමුණාගේ නිවසට පිඬු සිඟා වැඩි සේක. හේ කඩවසම් ය. යෞවන වයසේ පසුවන්නේ ය. මහත් භෝග සම්පත් ගෙනේ ය. එදින ද උදය බමුණාගේ නිවසේ රසවත් බොජුන් පිළියෙළ වී තිබුණි. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත තථාගත බුදුරජාණන් වහන්සේ නිවසෙහි ඉදිරිපිට පිණ්ඩපාතයේ වැඩ සිටිනු ,දුටු උදය බමුණා කිසිවක් කථා නොකර තමන් වෙනුවෙන් නිවසේ පිළියෙළ වී තිබුණු රසමුසු ආහාර ටික බුද්ධ පාත්‍රයට පූජා කළේ ය. බුදුරදහු ආපසු දෙව්රමට වැඩම කරති. දෙවන දින ද පළමු දිනයේ මෙන් ම බුදු හිමියෝ උදය බමුණාගේ නිවසට ම පිණ්ඩපාතයට වැඩම කළහ. එදින ද බමුණු තෙම කිසිවක් කථා නොකර ම තමන්ට පිළියෙළ වී තිබුණු ආහාරය බුදුරදුන්ට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ද කිසිවක් කථා නොකර විහාරයට වැඩම කළ සේක. තුන්වන දිනයේ ද පළමු හා දෙවන දින දෙකේ පරිදි ම උන්වහන්සේ හිමිදිරියේ පිණ්ඩපාතය සඳහා උදය බමුණාගේ නිවසට ම වඩිති. එදින ද භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පුරවන උදය බමුණා බුදුරදුන්ගේ මුහුණ දෙස බලමින් මෙසේ කියයි.

ඉතිරිය»

පූර්ණ මානසික සුවයක්වි ඳීමට නම්

භෞතිකව පුද්ගලයෙක් , පළාතක් , රටක් සංවර්ධනය වීම අත්‍යවශ්‍ය වෙයි. මේ ලෝකය දැකීමට දියුණු පරිසරයක් ගොඩනැඟුන විට ඔවුන්ගේ අධ්‍යාත්මික අංශය දියුණු කිරීම පහසුයි. පුද්ගලයෙකුගේ ගුණ ධර්ම වර්ධනය වීමට ඔහුගේ භෞතික සංවර්ධනය අතිශයින් වැදගත් වෙයි. උට්ඨාන විර්යෙන් , බාහු බලයෙන් ,දහ ඩිය මහන්සියෙන් ධනය රැස් කළ යුතු ය. ධනය උපයන ආකාරය යහපත් නැතිනම්,එම ධනයෙන් සතුටු නොවිය හැකි බවට බුදු දහම අවධාරණය කරයි. ඔහුට ධනය පැවතුන ද සතුටක් නැත. මල නොතලා රොන් ගන්නා බඹරෙකු සේ ධනය උපයා ගත යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මලට හානියක් නොවී පැණි උරා ගන්නේ යම්සේ ද, ධනය රැස්කිරීෙමි පදනම එයම විය යුතුය. වේයන් ප්‍රවේසමෙන් හුඹස් බඳින්නා සේ ධනය රැස් කළ යුතු ය. මහපොළොව, සතා සිවුපාවා, ගහ කොළ, විනාශ කරමින් සියලු සත්ත්වයා නැති කරමින් ඔබගේ පැවැත්මට යායුතු බව තථාගත දේශනාව නොවන බව අවධාරණය කළ යුතු ය. වර්තමානයෙහි තථාගත දේශනාවන් බැහැර කරමින් වස විෂ සමඟ යන ගමනේ දී මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වී සිටිනවා ද?

ඉතිරිය»

තිස්ස තෙරුන්ට උපස්ථාන කිරීම

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]