UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පොළ කොබ්බෑවල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමයේ බිතු සිතුවම් විවෘත කිරීම සහ

ගම්පොළ කොබ්බෑවල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමයේ බිතු සිතුවම් විවෘත කිරීම සහ

කොබ්බෑවල සිරිනිවාස නාහිමියන්ගේ හය වන ගුණ සමරුව

ගම්පොළ කොබ්බෑවල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම පුරාණ අප්පල්ලා ගොඩ රාජමහා විහාරය ප්‍රදේශය තුළ කා අතරත් ගෞරවාදරයට පත්ව ඇත්තේ එම විහාරස්ථානයෙන් සිදුවන සමාජ හා ශාසනික සේවය නිසාම ය.

දායකයන් සුඛිත මුදිත කිරීමේ ක්‍රමවේදයන් ගණනාවක් මෙම විහාරස්ථානය සතුව පවතින්නේ මෙහි වැඩ විසූ අපවත් වී වදාළ කොබ්බෑවල සිරිනිවාස නා හිමියන්ගේ හා වර්තමාන විහාරාධිපති කොබ්බෑවල සුමනරතන හිමියන්ගේ පරමාදර්ශි ක්‍රමවේදයන් නිසාය.

1780 මහනුවර රජකම් කළ රාජාධිරාජසිංහ රජු දවස අංගම්මන වලව්වේ විසූ අංගම්මන මහ අධිකාරම්තුමා විසින් ඉදිකරන ලද ටැම්පිට විහාරයෙන් මෙම ස්ථානය ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.


කොබ්බෑවල සිරිනිවාස නා හිමි

දර්ශනීය කඳු ගැටයක් මත අප්පල්ලයක හැඩයකින් යුත් භූමියක විහාරස්ථානය පිහිටි නිසා අප්පල්ලාගොඩ විහාරය නමින් හැඳින්වූ බවත් එකල ප්‍රදේශයට තිබුණු එකම විහාරස්ථානය බැවින් සතර පේරුවේ දායකයන් දානය ගෙනවිත් තබා යන අප්පල්ලා ගොඩක් විහාර භූමියේ තිබෙනු දැක රාජාධිරාජසිංහ රජු මෙම ස්ථානයට පැමිණි දිනෙක ‘මේක නම් හරිම අප්පල්ලා ගොඩක්’ යැයි පැවසූ නිසා අප්පල්ලාගොඩ විහාරය නමින් ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ එයි. දැනටද විහාරස්ථානය හා සම්බන්ධ පැරණි ලේඛනවල විහාරය හඳුන්වා ඇත්තේ අප්පල්ලාගොඩ විහාරය නමිනි. අදට ද ගම්පොල නගර සභාවේ වරිපනම් ලේඛන විහාරයට ලැබෙන්නේ අප්පල්ලාගොඩ විහාරය නමිනි.

ඉතිහාස මූලාශ්‍ර අනුව භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම විහාරස්ථානයේ වැඩ සිටි අතර 1919 දී අප්පල්ලාගොඩ විහාරයේ විහාරාධිපති වශයෙන් වැඩම කරවන බඹරගම සුමංගල තෙරුන් වහන්සේගෙන් වර්තමාන දියුණුව ආරම්භ වෙයි.උන්වහන්සේගේ ශිෂ්‍ය දුණුකේවිල ස්වර්ණජෝති මහා තෙරුන් වහන්සේ 1949 දී විහාරාධිපති පදවියට පත්වීම සුවිශේෂි සන්ධිස්ථානයකි.උන්වහන්සේ විසින් එවකට ගරා වැටී තිබුණු ටැම්පිට විහාරය වෙනුවට විශාල විහාර මන්දිරය ඉදිකරන ලදී. එසේම දැනට පවතින ප්‍රදේශයේ විශාලතම ඝණ්ඨා කුළුණ ඉදිකරන ලදී.

ස්වර්ණජෝති මහා ස්වාමින් වහන්සේගෙන් අනතුරුව 1971 විහාරාධිපති පදවියට පත් වූයේ කොබ්බෑවල සිරි නිවාස නාහිමියන් වේ. උන්වහන්සේ 1989 වර්ෂයේ විශ්‍රාම ලබන්නේ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ ආචාර්යවරයෙකු වශයෙනි. උන්වහන්සේ ශාසනික වශයෙන් විහාරස්ථානයට අවශ්‍ය චෛත්‍ය ධර්ම ශාලාව සංඝාවාසය පෙර පාසල , ශී‍්‍ර සිරිනිවාස දහම්පාසල ආදි විහාර අංග සියල්ල ගොඩ නැංවූහ. මෙසේ ශාසනයට සිදුකළ සේවාවන් අගයනු වස් අස්ගිරි මහා විහාරය උන්වහන්සේට උඩ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයත්, අස්ගිරි මහා විහාරයේ මහෝපාධ්‍යාය ධුරයත් පිරිනමනු ලැබිණි.

විහාර මන්දිරයේ පැරණි සිතුවම් හා මූර්ති අලුත්වැඩියා කිරීමට 2010 යෝජනා කරන ලද්දේ කොබ්බෑවල සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ තරමක අසනීප තත්ත්වයෙන් සිටියද දායක සභාවට විහාරයේ අලුත්වැඩියාව පිළිබඳව කරුණු පැහැදිලි කර දුන් අතර ඒ අනුව ප්‍රථමයෙන් ප්‍රදේශවාසී දායක පිරිසගේ අනුග්‍රහය මත එම කාර්යය සාර්ථකව ඉටු කරන ලදී.

නා හිමියන්ගේ බලාපොරොත්තු ඒ අයුරින් මල්ඵල ගැන්වුවද ප්‍රදේශයට ආලෝකයක් වූ ඒ නැණ පහන 2011 වසරේදී නිවී ගියේ සැමට කඳුළක් ඉතිරි කරමිනි.

පසුව නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වු කොබ්බෑවල සුමනරතන හිමියන් විහාරස්ථානයේ විහාරාධිපති ධුරය බාර ගනිමින් කටයුතු කරනු ලැබේ.

නාහිමියන්ගේ බලාපොරොත්තු ඉටුු කරමින් නව විහාරාධිපති හිමියන්ද තම පාසල් ගුරු සේවය කරමින් ගමේ දායක කාරකාදීන්ගේ කටයුතු මෙන්ම විහාරස්ථානයේ කටයුතුද නොපිරිහෙලා ඉටු කිරීමට සමත්ව සිටී.

ඒ අනුව විහාරස්ථානය මගින් ඉටුකළ සමාජ සේවා කටයුතුවලට නව අරුතක් දෙමින් ඉදිරියට රැගෙන යාමට උන්වහන්සේ සූදානම්ව ඇත.

පන්සලට වඩා පන්සලෙන් ගමට යන සංකල්පය මත මෙම විහාරස්ථානයේ ගොඩ නගා ඇති සමාජ සත්කාර්යයන් විශාලය. ඒ අතුරින් ආර්ථික දුෂ්කරතා සහිත ප්‍රදේශයේ පාසල් සිසුන්ට හා විශ්ව විද්‍යාල සිසුන්ට මාසිකව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන පැසසිය යුත්තකි. මේ වන විට මාසිකව මෙයින් ප්‍රතිලාභ ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 150 කි.

එමෙන්ම දිළිඳු පවුල්වලට නිවෙස් සාදා දීම එවැනි සත්ක්‍රියාවකි.

පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත සිරි නිවෙස් ප්‍රජා මිත්‍ර සහයෝගිතා කේන්ද්‍රය එවැනිම තවත් සුබසාධක කටයුතු ගණනාවක් ඉටුකරන තැනකි.

මෙහි සාමාජිකයන්ගේ ආර්ථික සංවර්ධන වැඩසටහන් වගේම රෝහල් කටයුතු සඳහාද මරණාධාර ලෙස මුදල් ලබා දෙන අතර දරු ප්‍රසූතිවලදී පවා ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් පවතී.

නාහිමියන්ගේ උපදෙස් පරිදි විහාර මන්දිරයේ අලුත්වැඩියා කටයුතු නිම කළද එහි වට මාලයේ කටයුතු ඉටුකිරීමට නොහැකි වී දායක සභාවේ යෝජනා හා විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි දානපති පිරිස් වී එකතු වී වසරක් වැනි කාලයකදී එම කටයුත්තද ඉතා මැනවින් ඉටු කිරීමට හැකිවී තිබුණි. මෙහිදී දායක සභාවේ සභාපති නීතිඥ ටී.බී. අබේකෝන් මහතා ප්‍රධාන දායක සභාවේ කැපවීම එය සාර්ථක කර ගැනීමට ඉවහල් වී තිබුණි.

මෙම නව බිතු සිතුවම් විවෘත කිරීමේ උත්සවය දින අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මකිත්ති ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් සිදුවන අතර ඒ සමඟම අපවත් වී වදාළ උඩපළාතේ ප්‍රධාන සංඝ නායක අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය කොබ්බෑවල සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ 06 වැනි ගුණ සමරුවද සැමරේ. උන්වහන්සේ වෙනුවෙන් පවත්වන පින්කම් මාලාවේ දානමය පුණ්‍ය කටයුතු මෙම මස 14 පැවැත්වීම සඳහා දායක සභාව කටයුතු සූදානම් කර තිබේ.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 27 වනදා සිකුරාදා අපරභාග 02.45 ට ලබයි. 28 වනදා සෙනසුරාදා අපරභාග 04.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වනදා සිකුරාදා ය.
 

මීළග පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]