UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවයන් මෙම වර්ෂයෙහි (2017) මැයි මස 10 වෙනි බදාදා සිට (වෙසක් පුන් පෝය දින) ආරම්භවී ජුනිමස 8 වෙනි බ්‍රහස්පතින්දා (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බව ,මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිවේදනය කර ඇත. එම නිවේදන අනුව, මැයි 10 බදාදා , (වෙසක් පුර පසළොස්වක පෝදා) මැයි 18 (බ්‍රහස්පතින්දා) මැයි 25 (බ්‍රහස්පතින්දා) ජුනි 01 (බ්‍රහස්පතින්දා සහ ජුනි 8 (බ්‍රහස්පතින්දා) පොසොන් පුර පසළොස්වක පෝදා යන දිනයන්හි උපසම්පදා පෙරහර සහිතවද සෙසු දිනයන්හි උපසම්පදාවන් පෙරහර රහිතවද සිදුකෙරේ.

ඉතිරිය»

ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම 24 දා ඇරඹේ

ගාල්ලේ ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසල අරඹා මාර්තු 24 වනදා 50 වසරක් සපිරීම නිමිත්තෙන් 24 වනදා සන්ධ්‍යාවේ අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. එම පූජාව මෙහෙයවන්නේ ගාලු කඩවත් සතර දහම් පාසල් ගුරු සංගමයේ සභාපති තලංගල්ලේ සමිත හිමියන් විසිනි. 26 වන ඉරිදා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතර එහි මුලසුන හොබවන්නේ ගාල්ල කලේගාන චේතියගිරි පුරාණ මහා විහාරාධිපති බෙලිගල්ලේ සිරි ජිනවංශ මහා නාහිමියන් වහන්සේය. ගාලු දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා ඇතුළු ගිහිපැවිදි ප්‍රභූන් පිරිසක් සහභාගි වීමටද නියමිතය. දහම් පාසල් දරුවන්ට ත්‍යාග ප්‍රදානයට අමතරව වාර්ෂිකව ත්‍යාග පිරිනමනු ලබන පරිත්‍යාගශීලින්ට උපහාර පිදීමටද කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත ගැන සිතන්න

 

මේ ගාථා රත්නය අප හැමදෙනාම දන්නා නිතර භාවිත කරන බොහොම සුලභ ගාථාවකි. එය බුදුවරයෙකුගේම බුද්ධ භාෂිතයකි. එසේම බුදුරදුන් දේශනා කළ සුවාසු දහසක් ධර්මස්කන්ධයම හකුළා ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ගාථාවකි. බෞද්ධ ඔබගේ ප්‍රධාන අරමුණ වන සසර දුක නිවන, විමුක්තිය සලසා දෙන, නිවන් මඟ හෙළි කරවන ඉතා වටිනා ධම්මපද ගාථාරත්නයකි. ඔබගේ මුවගෙහි නිතර රැව්පිළිරැව් දෙන මේ උතුම් ගාථාවෙහි මෙතරම් වටිනාකමක් ඇති බව ඔබ සිතනවාද?  'සබ්බ පාපස්ස අකරණං' සියලු පාප කර්මවලින් වැළකීම පළමු වැන්නයි. පාපය යනු සිත කෙලෙසන සිතිවිලි, වචන හා ක්‍රියායි. යම් ක්‍රියාවකින් යම් වචනයකින් සිත කෙලෙසනවාද?

ඉතිරිය»

සුවඳැති මලයි සොඳුරු මිනිස්කමයි

මල් සුවඳ ආපස්සට හමන්නේ නැහැ. මල තිබෙන්නේ දකුණු පැත්තේ නම්,මල ඇති පැත්තේ සිට වම් පැත්තට සුළඟ හමනවා නම් සුවඳ හමන්නේ වම් පැත්තටයි. මල් සුවඳ ප්‍රතිවාදයට ගමන් කරන්නේ නැහැ.උඩු සුළඟට ගසා ගෙන යන්නේ නැහැ. මල් සුවඳ බොහෝ ඈතට විහිදී යන්නේ නැහැ. මල් සුවඳ ගමන් කරන්නේ සුළඟත් සමඟයි. මිනිසුන්ගේ කීර්තිය ,මිනිසුන්ගේ යහපත්කම ,සිල් සුවඳ, මිනිසුන්ගේ සිල් සුවඳ කුමක්ද? යන වග මල් සුවඳ වගෙයි. මල යනුවෙන් අප දකිනු ලබන ලස්සන සුන්දර නිර්මාණයත් සමඟ බුදුපියාණන් වහන්සේගේ බණ ඕනෑ තරම් ශ්‍රවණය කළ හැකි වෙයි. මල් පූජාකරන අවස්ථාවෙහි සජ්ඣායනා කරනු ලබන වණ්ණගන්ධ ගුණෝපේතං යන ගාථාවෙහි ඉතාම ලස්සන ප්‍රකාශයක් සඳහන් වන අතර මේ මල මැලවී යන්නා සේ මේ කයද විනාශ වී යයි කියන ප්‍රකාශය බොහෝ සෙයින් වැදගත් වෙයි.

ඉතිරිය»

සිතුවම - පුන්සර උදාර

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]