UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහරගම පමුණුව සිරි මංගලාරාමයේ අභිනව තෙමහල් ධර්ම ශාලාව සහ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ පින්කම ඉකුත්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් ඇතුළු මහ සඟරුවන සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් සේනාලංකාධීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මැති ඇමැතිවරු සමඟ විශාල පිරිසක් ඊට සහභාගිවූහ. හබරකඩ ජනානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්විණි.

 

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවයන් මෙම වර්ෂයෙහි (2017) මැයි මස 10 වෙනි බදාදා සිට (වෙසක් පුන් පෝය දින) ආරම්භවී ජුනිමස 8 වෙනි බ්‍රහස්පතින්දා (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බව ,මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිවේදනය කර ඇත. එම නිවේදන අනුව, මැයි 10 බදාදා , (වෙසක් පුර පසළොස්වක පෝදා) මැයි 18 (බ්‍රහස්පතින්දා) මැයි 25 (බ්‍රහස්පතින්දා) ජුනි 01 (බ්‍රහස්පතින්දා සහ ජුනි 8 (බ්‍රහස්පතින්දා) පොසොන් පුර පසළොස්වක පෝදා යන දිනයන්හි උපසම්පදා පෙරහර සහිතවද සෙසු දිනයන්හි උපසම්පදාවන් පෙරහර රහිතවද සිදුකෙරේ.

ඉතිරිය»

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]