UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය

විහාරස්ථානයක දායක වන්නේ ගිහි පින්වතුන්ය. මේ පිළිබදව ධර්මානුකූලව විවරණයක් කරන්න.

පිළිතුර

බෞද්ධ සමාජය භික්ෂු – භික්ෂුණී උපාසක – උපාසිකා යන සිවු පිරිසකගෙන් සමන්විතය. භික්ෂු හා භික්ෂුණී යන දෙපිරිස පැවිදි ජීවිත ගත කරන අතර උපාසක උපාසිකාවෝ ගෘහ ජීවිතයේ රැඳී සිටිති. ඔවුහු ‘ගිහි’ යන නමින් හැඳින්වෙති. ‘ගේහ’ යනු ගෙයයි.ගෙහි වසන්නා ‘ගෙහි’ නම් වෙයි. එයම ගිහියන් භාවිතයෙන් සකස් වී ඇත. විහාරස්ථානයක දායක වන්නේ මේ ගිහි පින්වතුන්ය.

විහාරස්ථානයක නේවාසික භික්ෂු පිරිස යැපෙන්නේ දායක පින්වතුන්ගෙන් ලැබෙන සිව්පසයෙනි. එනම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන පැවිදි වතට අත්‍යවශ්‍ය සම්පත්ය. දායක යන්න” දෙතීති දායක කො” දාපෙතීති දායකකො යන විග්‍රහයට දෙන්නා දායකයාය. දෙවන්නා දායකයාය. දායකයා දානපතියෙකු විය යුතුය. ඔහු තුළ සැබැවින් ශ්‍රද්ධාව පැවතිය යුතුය. මෙම ශ්‍රද්ධාව ප්‍රඥා මූලික වූවක් මිස අන්ධ භක්තිය නොවේ. එසේම ඔහු පි‍්‍රය ගතිගුණවලින් යුක්තය. සසුනෙහි පැහැදුණු අයෙක්ද වෙයි. “දායක කො දානපති සද්ධො පසන්නො බුද්ධ මාමකො–ධම්ම මාමකො –සබපස් මාම කො (දි.නි. සීලක්ඛන්ධ වග්ග ටීකා 02) දායක තෙරුවන් සරණ ගිය සැදැහැතියෙකු විය යුතුය.

ප්‍රශ්නය :– මරණය දුකකි. "මරණංපි දුක්ඛං" ඒ දුක අශ්‍රැතවත් ධර්මය නොදන්නා ටය. ඔව්හු මරණයට බිය වෙති. මරණය යනු සත්ත්වයාට කර්මානුරූපව උරුම වී ඇති පංචස්ඛන්ධයාගේ කැඩී බිඳී යාමයි. මරණයට බියපත් වන්නන් හතර දෙනෙක් සිටින බව බුද්ධ දේශනාවයි. එම සිව් දෙනා කවරෙක්ද?

පිළිතුර

1.කාමයෙහි ගිජුවූ තැනැත්තා

2.සිත හා කය දෙකම එකයයි සිතන තැනැත්තා

3.කිසිදු කුසලයක් නොකළ තැනැත්තා

4. ධර්මය කෙරෙහි විශ්වනීයත්වයෙන් ඈත්වූ තැනැත්තා

මෙම පුද්ගලයන් සතර දෙනා කිසිදු පිනක් හෝ පවක් නොකොට අභාවිත සිතින් ජීවත්ව මරණය ආසන්න මොහොතේ බියට පත්වෙයි.

ප්‍රශ්නය :–

බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අනුකම්පා සහගත ශාස්තෘවරයෙකු නිසා පුද්ගල යහපත සඳහා අවශ්‍ය සන්නිවේදනයට ශ්‍රාවකයාට ඇතැම්විට අමිහිරි වුවත් ඇතැම් භික්ෂූන් වහන්සේ හික්මවීම පිණිස රළු වචන භාවිතා කළ අවස්ථාවද ඇත. බුදු සිරිතේ එන නිදසුනකින් මෙය පැහැදිලි කරන්න.

පිළිතුර

වක්කලී දැන උගත් බ්‍රාහ්මණ තරුණයෙකි. පිණ්ඩපාතයේ වඩින්නාවු බුදුරදුන් දුටුවේය. බුද්ධ ශරීරයට වශී විය. රූපකාය දෙස බැලීමේ ආශාවෙන් පැවිදිවිය. පැවිදිව දෛනිකව කෙරෙන කටයුතු කිහිපයක් හැර අන් හැම අවස්ථාවක දීම බුදුරදුන්ගේ රූපය දෙස බලා සිටී. බුදුරජාණන් වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා යන තුරු කිසිවක් නොවදාරා සුදුසු අවස්ථාව ලද විලස ඔහු තුළ සංවේගය ඉපදවීමට මෙසේ වදාළහ. ‘වක්කලී යමෙක් නුවණැසින් දහම දකීද ඒ තැනැත්තා මරු දකී. එහෙත් එතනින් ඉවත්ව නොගිය වක්කලීට බුදුරජාණන් වහන්සේ ‘වක්කලී යන්න, වක්කලී යන්නය නෙරපූහ. බුදුරදහු මා නෙරපූහයි සිතූ වක්කලී තෙරුන් වහන්සේ සිය දිවි තොරකර ගැනීමට පවා එළඹුණු උන්වහන්සේ බලවත් සේ රෝගාතුර වූ බව දැනගත් බුදුරජාණන් වහන්සේ වක්කලී ළඟට වැඩම කළහ. වැඩම කොට පි‍්‍රය සම්භාෂණයෙහි යෙදුණු බව බුදු සිරිතෙහි සඳහන් වෙයි.

ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ශ්‍රාවකයන් අමතා මෙසේ වදාළහ. “ඔබ මේ ආහාරය නොවළඳන්න. එහෙත් මට මේ ප්‍රතික්ෂේප කළ නො හැකිය. මෙවන් ආහාරයක් පිළිගන්වා මගේ සිරුරෙන් මිදී යන්නට සැලස්වීමෙන් ඒ පුරුෂයා මට කළේ අති මහත් උපකාරයෙකි. ඔහු සොයා ගොස් ඒ බව කියන්න.

මේ අවස්ථාව හා ඒ පුරුෂයා කවුරුන්ද පැහැදිලි කරන්න.

පිළිතුර

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැදහොත් අවස්ථාවෙහිදී මරණය අබියස පසුවෙද්දී සමාජය පිළිකුල් කල මළසතුන්ගේ මස් කා ජීවත්වූ සැඬොල් කුලයට අයත් අහිංසකයෙකු බුදුන් වහන්සේට දානයට ආරාධනා කළහ. බුදුහු එම ආරාධනාව පරිදි ශ්‍රාවකයන් සමඟ දානයට වැඩම කළහ. ශාස්තෘවරයාණන්ට ඉහළින්ම සලකනු රිසි වු ‘චුන්ද’ නම් වූ හීන කුලයකට අයත් අහිංසකයා මසින් සකස් කළ බතක් පිළියෙළකොට බුදුනට පිදුවේය. බුදුහු ඒ දානය පිළිගත්හ. එහෙත් ශ්‍රාවකයන් ඒ දානය වැළඳීමට පසුබට වනු දුටු උන්වහන්සේ” මහණෙනි, මේ දානය පිළිකෙව් කිරීමෙහි දොසක් නැත. වැළඳුවොත් අපථ්‍ය වීමට ඉඩ ඇතැයි පවසා තෙමේ නිහඬව වැළදූහ. මිනිසාගේ සමානාත්මතාව ලොවට කියා පෑ බුදුන් වහන්සේ එය ක්‍රියාවෙන්ද පෙන්වා දෙමින් ‘චුන්ද’ නම්වූ කුලහීනයාගේ ගෙයි දීම “සූකරමාංස’ වැනි ආහාරයක් ඉවසා සිය අනුගාමිකයන්ට ආදර්ශයක් පෑයේ එසේය.

ප්‍රශ්නය

බුදු දහමෙහි “සුඛ” පාලි වචනයෙන් සැප යන්න අවධාරණය කෙරේ. ලෝකෝත්තර පරම සුවය ‘නිබ්බාණං පරමං සුඛං ” නිවනයි. එහෙත් සාමාන්‍ය ලෞකික දිවි පෙවෙතට අනුව “සුඛ” යන්න විචිත්‍ර වූ විවිධ වූ සටහන් දේශනා පාලියෙහි ඇතුළත්ව ඇත. එබඳු අවස්ථා කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර

බුදු දහම පරම සැපත නිවන් සැප බව අවධාරණය කරතත් එතෙක් සාමාන්‍ය ජීවිතයෙහිදී හමුවන සැප, ප්‍රතික්ෂේප කර නොමැත. එබඳු “සුඛ” හෙවත් සැප දොළොසක් මෙසේ දේශනාවන්ට ඇතුළත්ව ඇත.

1.අත්ථම්හි ජාතම්හි සුඛා සහායා කටයුත්තක් ඇතිකළ

යහළුවන් සහාය සැපතකි

2.තුට්ඨි සුඛායා ඉතරීතරෙන

තම සන්තකයෙන් සතුටක් ලබයි

3.පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි

මරණය ළං වූ විට කළ පින් සැප පිණිස වේ.

5.සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං

සියලු දුක් නැසීම සැප පිණිස වේ.

5.සුඛා මත්තෙය්‍යතා ලොකෙ

මවට සැලකීම් උතුම් සැපයකි .

6.අථො පෙත්තෙය්‍යතා සුඛා

පියාට සැලකීම උතුම් සැපයකි

7.සුඛා සාමඤ්ඤතා ලොකෙ

මහණුන්ට මනාසේ පිළිපැදීම සැපයකි.

8.අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා

රහතුන් වහන්සේ කෙරෙහි මනාසේ පිළිපැදීම උතුම් සැපයකි.

9.සුඛං යාව ජරා සීලං

මහලුව මරණය තෙක් සිල්වත් බව සැපකි

10.සුඛා සද්ධා පතිට්ඨිතා

ශ්‍රද්ධා වෙහි පිහිටීම සැපයකි.

11.සුඛො පඤ්ඤාය පටිලාභො

නැණවත් බව සැපයකි

12. පාපානං අකරණං සුඛං

පාපයෙන් වෙන්වීම සැපයකි.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]