UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2017.01.19

සිත් පහන් කළ අගනා පින්කමක්

මහාදාඨික මහානාග රජතුමා විසින් බුදුපියාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත්කර ඉදිකරවන ලද මිහින්තලේ මහා සෑරදුන් වහන්සේ වෙත පළමුවරට අසාමාන්‍ය පුණ්‍ය මහෝත්සවයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. එනම් “ගිරිභණ්ඩ” නමැති පූජාවයි.

ඇසු දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන එබඳු පින්කම් ආමිස පින්කම් අතර සාරගර්භ වේ. තුනුරුවනෙහි අනන්ත අප්‍රමාණ ගුණ මෙනෙහි කරන සිත උදාර පරිත්‍යාගයන්හි යොමු කරවයි. ශ්‍රද්ධාවත්, ගෞරවයත් මූලික කර ගනිමින් බෞද්ධ ජනතාව පින්දහම් නිරතවන බව රහසක් නොවේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කම අරඹා අඩසිය වසරකටත් වැඩි කාලයක් ගතවී ඇත. පුවත්පත් ආයතනයක් වශයෙන් පමණක් නොව ලේක්හවුස් ආයතනය ආගමික, ශාසනික , සමාජයීය අභිවෘද්ධිය උදෙසාද මහඟු මෙහෙවරක් ඉටුකරන ආයතනයක් ලෙස ප්‍රකටය.

ඉකුත් වසරේ පොසොන්පුර පසළොස්වක පෝදා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කම ආලෝක පූජා සති පින්කමක් බවට පත් විය. එමෙන්ම තවත් අගනා පින්කමක් ද ඊට ඒකරාශි කළේය. එනම් මාසිකව මිහින්තලේ මහ සෑරදුන්වෙත කප්රුක් පූජාවක් පැවැත්වීමය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව , ශී‍්‍ර ලංකා පොලිසිය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අතිගරු මහා සඟරුවන සැදැහැති බෞද්ධ ජනතාව ,බෞද්ධ සංවිධාන, ඊට මාසයෙන් මාසය දායකත්වය සපයා අත්‍යලංකාරයෙන් පින්කම් සිදුකර ගෙන එන බව පින්දෙමින් සිහිපත් කළ යුතුය.

දුරුතු පෝදා එම පින්කමත් සමඟ ඉබ්බාගමුව පෙරියකඩු නැලව පොත්ගුල් විහාරය, ගලේවෙල වෙත්තියාය ශ්‍රී ජයබෝධි විහාරය , අනුරාධපුර පණ්ඩුකාභයපුර, තම්මැන්නාගල රජ මහා විහාරයන්හි අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ සංවිධානයෙන් මිහින්තලේ මහ සෑ රදුන් වෙත “ගිරිභණ්ඩ පූජාව” නමැති අසිරිමත් පින්කමක්ද සිදු කළේය. විහාරස්ථානයකට අවශ්‍ය ගරු භාණ්ඩ ඇතුළු විවිධ පුද පිරිකර එම පූජාවට ඇතුළත් කර තිබීමද සුවිශේෂ වේ. උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ට එම පින්කම සිදු කිරීමේදී සැදැහැති දායක විශාල පිරිසක් අනුග්‍රහය ලබාදුන් බව එහිදී උන්වහන්සේ ඉතා කෘතවේදීව සිහිපත් කළහ.

පරතෙරක් නොපෙනෙන භවගමනේ පිනක දහමක නිරතවීමට භාග්‍යය උදාවනුයේ මිනිසත් භවයක් ලැබීමෙනි. එහි දුලභ වටිනාකම තේරුම්ගත් නැණවත්හු විවිධ අරමුණු මූලික කර ගනිමින් සුවිශේෂී පින්කම්වල නිරතවීම අගය කළ යුත්තකි. ඇතැම් විට දුර්ලභ එබඳු පින්කම් දැක බලා ගැනීම පවා වාසනාවක් ලෙස සැලකිය හැකිය.

එළඹෙන පොසොන් සමයේදී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අටපිරිකර දහසක් පමණ මිහින්තලේ මහා සෑරදුන් වෙත පිරිනැමීමට දැනටම නියමිතව තිබේ.

පුණ්‍යක්‍රියා සඳහා හැකිතාක් සහභාගි වී ඒවා දැක බලා ගැනීමෙන් චිත්තප්‍රසාදය ළගා කර ගත හැකි බව මෙත්සිත් පෙරටුව සිහිපත් කළ යුත්තකි.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]