UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

(ඉහල වම) අමරපුර පාර්ශ්වයේ සම මහානායක පදවියට පත් කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි, (ඉහල දකුණ‍) අමරපුර පාර්ශ්වයේ අනු නායක පදවියකින් පිදුම් ලද රද්දොළුවේ විමලවංස නා හිමි, (පහල වම) ලේකම් පදවියෙන් පිදුම් ලද නින්දානේ චන්දවිමල නා හිමි, (පහල දකුණ‍) අධිකරණ ලේකම් ධූරයෙන් පිදුම් ලද දොඩන්දූවේ සිරිකර නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ පදවි ලබති

අමරපුර පාර්ශ්වයේ සම මහානායක පදවියට පත් කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක – භික්ෂූන් වහන්සේලා විසින් ගෙවී ගිය, දෙදහස් පන්සිය වසරකටත් වඩා වැඩි කාලයක් පුරා මේ දක්වා ඉටුකරගෙන එනු ලබන්නෝ තම ශාස්තෘන් වහන්සේගේ ක්‍රියා මාර්ගයමය. ශ්‍රී ලංකාද්වීපය ඇතුළු අනිකුත් බෞද්ධ රටවල ද භික්ෂූන් වහන්සේ තම කාර්යභාරය සියලු බාධක මග හරවාගෙන ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනුදු බුදු සසුන ලොව පුරා පැතිර පවතින බව සඳහන් කළ යුතුව ඇත. එවන් අයුරින් සළකා බලන විට අපේ රටේ සඟ පරපුර බුදු සසුනට සෝභාමත් කරනු සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා දරා ඇති ප්‍රයත්නය සුළුපටු කරුණක් වශයෙන් සැලකිය නොහැකිය. ඒ සඟ පරපුරටම අයත් නූතන භික්ෂූන් වහන්සේලා අතර, සසුන මහඟු සේවාවක් කරන දැනට ද යෙදී සිටින, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ විශේෂත්වයෙහිලා සැලකිය යුතුව තිබේ. අමරපුර මහා නිකායේ කාරක සංඝ සභිකයාන නමක් වශයෙන්ද, පසුව සම්මාන නායක පදවියකින් ද, අනතුරුව අධිකරණ නායක පදවිය ද හොබවන ලද කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ පසුව අනුනායක පදවියේද කලක සිට සේවය කොට ඇත. ඉකුත් 17 වැනි ශනි දින නාවල විමල විහාරස්ථානයේ දී පවත්වන ලද ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ දී අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත ශ්‍රී ධම්මකුශල වංශාවතංස අතිපූජ්‍ය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් සහ පානදුර රංකොත් විහාරාධිපති කැලණි සරසවියේ මහාචාර්ය, අංශාධිපති, රාජකීය පණ්ඩිත කහපොල සුගතරතන අනු නා හිමියන්ගේත් යෝජනා ස්ථිරත්වයෙන් මහා සංඝ සභාවේ ඒකමතික තීරණය අනුව කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නිකායයේ සම මහානායක පදවියට පත්කරගනු ලැබූහ.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]