UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොරියාවේ ප්‍රධාන නිකාය වන චොගේ නිකායේ මූලස්ථානය වන චොගේ විහාරස්ථානයේ රෝපණය කිරීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඉකුත් දා (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. චොගේ විහාරස්ථානය යටතේ පවතින මහා බෝධි විහාරාධිපති වැලනින්නේ වාචිස්සර හිමියන්ගේ ආරාධනයෙන් මෙරටට පැමිණි චොගේ නිකායේ මූලස්ථානාධිපති වොන් නයොමි ( Won Nyom) නාහිමියන් වෙත ජනාධිපතිතුමා විසින් එම බෝධි අංකුරය පිළිගැන්වීය. ශ්‍රී ලංකාව සහ කොරියාව අතර බෞද්ධ මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුම් දායාදය වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙලෙස පිළිගැන්වූ අතර ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ආගමික සමාජීය හා සංස්කෘතික සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව උන්වහන්සේ පැවසූහ. බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාද එම අවස්ථාවට එක්ව සිටියේ ය.

ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

කොළඹ 02 ශ්‍රී ජිනරතන පාර ගංගාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන “සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම” 83 වන වරටත් 2015 අප්‍රේල් මස 02 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 ට ආරම්භ කෙරේ. නොකඩවා දින 07 ක් (දිවා - රාත්‍රී) මෙම සති පිරිත් දේශනාව පැවැත්වේ. උදේ 6.00, සවස 3.00 ට සහ රාත්‍රී 8.00 මහ පිරිත් දේශනාව පැවැත්වේ. දේවදූත පෙරහර අප්‍රේල් මස 9 වැනි දින සවස 4.00 ට ආරම්භ වේ. “දොරකඩ අස්න” සහ “අනුශාසනාව“ අපේ‍්‍ර්ල් මස 09 වැනි දින රාත්‍රී පැවැත්වේ.

ඉතිරිය»

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]