UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කඩුවෙල මහමෙව්නාව අසපුවේ අභිනව (අඩි 37 ක් උසැති) සිරි ගෞතම ධම්මරාජික ස්ථූපයේ සර්වඥ ධාතු නිධානෝත්සවය නිකිණි පෝදා (13) අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එදින අලුයම 5.30 ට සුබ මොහොතින් අගමැති දි.මු.ජයරත්න මැතිතුමාගේ සුරතින් සිරි ගෞතම ධම්මරාජික ස්ථූපයේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කැරිණි. එම පුණ්‍යෙීත්සවය සඳහා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයද කථානායක ආර්යාව චන්ද්‍ර රාජපක්‍ෂ මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා, පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිමා ඉලාහි බාලොව් මැතිනිය, ප්‍රමුඛ දූත පිරිසක් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ අග්‍රාමාත්‍යතුමා නව ස්ථූපයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සඳහා ධාතුන් වහන්සේ වැඩම වූ අයුරු.

කෝට්ටේ ඓතිහාසික රාජ මහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ රාජ මහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරි අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධාදිරත්නත්‍රය ගරු කරගෙන වාර්ෂිකව සතර මහා දේවාලයන්හි පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය මෙවරද පැරැණි චාරිත්‍රානුකූලව පුද සිරිත් පැවැත්වීම අගෝස්තු මස 22 වනදා ඇරැඹිණි.

ඉතිරිය»

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]