UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාරස්ථාන 1300 කට ජල පහසුව දෙවන පියවර පාසල්වලට

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ලැබෙන ඉල්ලීම් අනුව දුර්වල විහාරස්ථාන 1300 කට රුපියල් ලක්‍ෂ 140 ක වියදමින් නානකාමර, වැසිකිළි, කැසිකිළි, ජලපහසුව සකස් කිරීමට කොළඹ 2, ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානය මූලිකත්වය ගනී. සැප්තැම්බර් මස අග කතරගම කිරිවෙහෙර අබියස සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පවත්වා පසුදා උදේ ගරුතර මහා සංඝරත්නය 1300 නමකට දානය පිරිනැමීමෙන් අනතුරුව එම ආධාරය පිරිනැමේ.

ඉතිරිය»

ඉපැරැණි බෞද්ධ සතරවරම් දේව සංකල්පය

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සතරවරම් දෙවිවරු සිදුහත් බෝසතාණන්ගේ මවු කුස පිළිසිඳ ගැනීමේ පටන් බුදු පිරිනිවන දක්වා ම බුද්ධ චරිතය හා සම්බන්ධ වෙති. පූජාවලියට අනුව වරම් දෙවිරජවරු අප තථාගත සිරිත හා සම්බන්ධ වනුයේ සුමේධ තාපස අවස්ථාවේ සිටය. දීපංකර තථාගතයන් වහන්සේ ‘මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසුව මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදුවන්නේ යැ යි’ නියත විවරණ සිරි දී සමන්මල් අට මිටකින් තාපසතුමාට පූජා කළහ. රහතන් වහන්සේලාත් පැදකුණු කිරීමෙන් බුද්ධාංකුරයාණන්ට ගෞරව කළ පසුව, දසදහසක් සක්වල වරම් රජදරුවෝ සතලිස් දහසක් පැමිණ සතලිස් දහසක් දිවිමල් මිටින් සුමේධ තවුසාණන් පිදූ බව කියැවේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දානයෙහි අනුසස්

ශාන්තිනායක ලොවුතුරා බුදුපියාණන් වහන්සේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් දේශනා කරනව. මහණෙනි! මේ ලෝකයේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් තියෙනවා. දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා එම තුනයි. පුණ්‍ය ක්‍රියා යනුවෙන් හැඳින්වෙන්නේ පිරිසුදු බවයි. ලෝභ, ද්වේශ, මෝහ, අකුසල මූලයන්ගෙන් වෙන්ව පිරිසුදු චේතනාවෙන් කරන ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවයි. මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවයි.

ඉතිරිය»

රත්මලාන ජයසුමනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ රත්මලාන ජයසුමනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ශත වර්ෂයක පමණ අතීතයකට උරුමකම් කියන මේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ 1957 වසරේදී චාර්ලිස් සිල්වා නම් මූර්ති ශිල්පියා විසිනි. මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය දරන්නේ කිරිඔරුවේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ ය.  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]