UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අභයගිරි සංරක්‍ෂණයට ශ්‍රම දායකත්වය ලබාදෙන්න

අනුරාධපුර,අටමස්ථානයට අයත් ඓතිහාසික අභයගිරි චෛත්‍ය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ ප්‍රදේශයේ සුබ සාධක සමිති, රාජ්‍ය ආයතන පුද්ගලික ආයතනයන්හි ස්වේච්ඡා කණ්ඩායම් හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකට ශ්‍රම දායකත්වය සැපැයීමට හැකියාව ඇත. එමෙන්ම සංරක්‍ෂණයට අවශ්‍ය හුඹස් පස් හිස් පොලි සැග් බෑග් (පෝර උර) පෙදරේරු සහාය ලබාදීම ආදියෙන්ද මෙම පුණ්‍ය කර්මයට දායකවිය හැක.

ඉතිරිය»

ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම

දැන් සමහර කට්ටිය අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා කියනවා. භාවනාවෙ නම තියෙන්නේ පිළිකුල් භාවනාව කියල ද? නෑ. පිළිකුල් භාවනාව නෙමේ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සහ කරනවා. ඒක වැරදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේනේ මහ දුකක්නේ, කැමතියිද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕනනම්, අසුභය වඩන්න ඕනෑ ද වැසිකිලි වල දිහා බලපුවහම ඉවරයිනේ. ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනෙ. ඉතින් භාවනා කරන්න ඕනි නෑනේ. නරක් වෙච්ච ආහාර දිහා බැලුවහම ඉවරයිනේ. පිළිකුල උපදියි. එහෙනම් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි මේ භාවනා කිරීමේ අර්ථය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය

යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැර යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධ පහයි සත්වයාග් මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ.

ඉතිරිය»

පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිසුද්ධාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිසුද්ධාරාමය ගොඩනගා ඇත්තේ 1847 වසරේ දී වන අතර විහාර මන්දිරය ඉදිකරන ලද්දේ 1912 වසරේ දී ය. එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ ලංකාවේ ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියකු වූ එම්. සාර්ලිස් මහතා විසිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]