UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය රණවිරුවන්ට පින් පැමිණවීමේ වාර්ෂික පින්කම් මාලාව ඉකුත් 3 - 4 දිනවල දී ඒකල ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. සර්ව ආගමික කටයුතු එහිදී සිදු කැරුණු අතර දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් පැමිණවීම ආබාධිත රණවිරුවන් හා දැනට ක්‍රියාන්විතයේ යෙදී සිටින ගුවන් හමුදා සෙබළුන්ට සෙත් පැතීමද එහිදී සිදු කැරිණි. එහිදී සියක් නමක් පමණ මහ සඟරුවන උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. එම අවස්ථාවට ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් ඇතුළු ගුවන් හමුදා සේවයේ යෙදෙන්නෝද, මියගිය සහ ආබාධිත හා සේවයේ යෙදී සිටින අයගේ ඥාතීන් ඇතුළු 2000කට අධික පිරිසක් ද ඊට සහභාගි වූහ. ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන පින්කම් මාලාවේ දානමය පින්කම සිදු කරුණු අවස්ථාව.

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ට බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වමින් රජරට කුරහන් මුසු ගැමි සුවඳින් පිරි ප්‍රජාවට නායකත්ව දෙන උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ගේ පින්බර සංකල්පයක් මත පවත්වාගෙන යනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දහ හතරවන වතාවටත් මහත් අභිමානයෙන් හා අති පුජනීයත්වයෙන් ජූලි මස 24 - 25 යන දිනවල අනුරාධපුර පින්බිමේදී පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]