UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරපුර පිච්ච මල් පූජාවට මෙවරත් මහ සෙනගක්

ශාන්ති පදනම විසි එක්වන වරටත් සංවිධානය කළ පිච්ච මල් පූජාව පසුගිය දහ වැනිදා (10) සවස අති උත්කර්ෂවත් ලෙස ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී පැවැත්විණි. ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොළ අමරකිත්ති සහ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිවරුන්ගේ අනුශාසනා මත ශාන්ති පදනම ජනාධිපති ලේකම් කාර්යාලයේද සහාය ඇතිව මෙම පූජාව සංවිධානය කර තිබිණි. මහ මෙවුනා උයනෙහි සහ පෙරමග දෙපස රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාදයෙන් පූජා භූමියම පිරී ඉතිරී ගියේය. ශ්‍රී මහා බෝධි මූලයෙහි පිච්ච මල් අතුරන මොහොතේ රජරටටම ඇතිව තිබූ දැඩි නියගය හමාර කරමින් මහා වැස්සක්ද ඇද හැළිණි. රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනයා සාදු හඬ නගමින් නොසෙල්වී ආගමික වතාවත් වල නිරතව සිටි අයුරු කාගේත් සිත් ගන්නා දසුනක් විය. මේ පූජාවට රැස්ව සිටි පිරිස වෙනුවෙන් සංවිධායක කමිටුව රජයේද දායකත්වය ඇතිව අවශ්‍ය සියලු පොදු පහසුකම් සංවිධානය කර තිබිණි. එමෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බළකායද මේ සඳහා දැඩි ආරක්ෂාවක් සැපයීය.
රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන, ථූපාරාම චෛත්‍යරාමාධිපති රලපනාවේ ධම්මජෝති, උඩුවේ ධම්මාලෝක යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේද මේ පූජාවට එක්ව සිටියහ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, වන්නි ප්‍රදේශ භාර යුද හමුදා ආඥාපති කමල් ගුණරත්න, උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහා සංඝයා වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයෙහි පිච්ච මල් ඇතිරූ මොහොත
ඡායාරූපය - කිත්සිරි වනසිංහ

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]