UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 22 කොටස

අර්හත් වග්ගය

(90) ගතද්ධිනො විසොකස්ස - විප්පමුත්තස්ස සබ්බධි
සබ්බ ගන්ථප් පහීනස්ස - පරිළාහො න විජ්ජති

සසර මග නිමා කළ - ශෝක රහිතව වෙසෙන - හැම දෙයින් මිදී ගත් කෙලෙස් ගැට ලිහාලූ / කිසිම ලෝ දහමකට නොකැලඹෙන සිතක් ඇති - මහ රහත් කෙනෙකු තුළ -කෙළෙස් දාහයක් නැත.

හිතවතුනි, පින් දහම් - සමග යුතුකම් කරන - නැණැත්තෝ සැනසුම්ව දිවා රැය ගත කරති.

(91) උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ න නිකෙතෙ රමන්ති තෙ
හංසාව පල්ලලං හිත්වා ඔකමොකං ජහන්ති තෙ

සතිපට්ඨානයේ නිතර සිත රඳන රහත් පෙළ නැවත නැවතත් සමථ විදසුන්හි සිත රඳති. හංසයා තැනින් තැන නිදහසේ සරන මෙන් රහත්හු ලොව පුරා නිදහසේ සැරිසරති.

හිතවතුනි, අනුන්ගේ සුව සෙත ම නිති පතන දිවා රෑ දෙකේ දී යුතුකම්හි නිරත වන නැණැත්තෝ කිසිවකට ලොල් නොකොට දවසරිති.

(92) යෙසං සන්නිචයො නත්ථි යේ පරිඤ්ඤාත භොජනා
සුඤ්ඤතො අනිමිත්තෝච විමොක්ඛො යස්ස ගොචරො
ආකාසෙ ව සකුන්තානං ගති තෙසං දුරන්නයා

සිව් පසය රැස් නොකොට අනිමිත්ත සමවතක නිවන් අරමුණෙහි වන මහ රහත් නැණවත්හු / යනෙන මග කිසිවකුට දැකිය හැක්කේ නොවේ. කුරුල්ලන් යනෙන මග අහස්හී නැති සේ ය.

හිතවතුනි, නැණැති ලෙස නිහඬ අරමුණක ගොස් නිසල ලෙස දිරි ගන්න. ඔබට ජය ලැබෙනු ඇත.

(93) යස්සා සවා පරික්ඛීණා ආහාරෙ ච අනිස්සිතො
සුඤ්ඤතො අනිමිත්තොච විමොක්ඛො යස්ස ගොචරො
ආකාසෙ ව සකුන්තානං පදං තස්ස දුරන්නයං

කෙලෙස් සිඳ බිඳ සිටින උතුම් මහ රහත් පෙළ අනිමිත්ත අරමුණින් නිවන ;වත වැඩමවති. අහස් තලයේ කුරුළු පිය ලකුණු නැති පරිදි රහත් පෙළ ගිය මගෙහි සලකුණක් නැත්තේය.

හිතවතුනි, නිහඬ ලෙස අරමුණට යොමු වන්න. එවිට ඔබ නිසැක ලෙස ජය ලබනු ඇත්තේය.

(94) යස්සි න්ද්‍රියානි සමථංගතානි
අසසායථා සාරථීනා සුදන්තා
පහීනමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො

සුසංවර සිතින් යුතු කෙලෙස් නැති අකම්පිත මානයෙන් තොර අයට දෙවියෝ ද නම කෙරෙති.

හිතවතුනි, තුන් දොරින් සුසංවර තැනැත්තෝ අසල් වැසියන් අතර නිතර ගරු පුද ලබති.

මතු සම්බන්ධයි

 

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]