UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිම බැදි වල යන්නේ ?

සමස්ත මිනිස් සමාජයම මෙසේ ආමිසයට පමණක් යොමු කරවීම සම්මා සම්බුද්ධ ශාසනයේ ලේ ධාතුවට විස පෙව්වා සමාන ය. ඇවිලෙන ගිනි යැයි සිතා කණාමැදිරියන් පිට ගොම රිටි වියළි තණ රොඩු වටා කැටි කොට පිඹ පිඹ ගිනි සොයන්නේ ගිනි නොලබන්නේ ය. එපරිදි පිළිවෙත වෙනස් කර වරදවා නොමඟට පිළිපන්නේ දහමින් විපුල ඵල නොලබන්නේ ය.

වෙසක් මස පුරපසළොස්වක් වූ 2010.05.27 දා තමින් හෙළි පෙහෙළි වූ පහුර කර තබා ගැනීම මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කතුවැකිය හා බැඳේ. එම කතුවැකියේ අවසාන කොටසේ මෙසේ සඳහන් වේ. අධිපතිවාදී බ්‍රාහ්මණ වත් පිළිවෙත් බුදුන් වහන්සේගේ තියුණු විවේචනයට ලක්වූ අයුරු ධම්ම පදයේ බුද්ධ වර්ගයේ මෙසේ සඳහන්ව තිබේ.

බියෙන් සැකෙන් තැතිගත් මිනිස්සු පර්වතද , වනයද, ආරාමද, වෘක්‍ෂද, චෛත්‍යයද බොහෝ සෙයින් සරණකොට යත් - එහෙත් මේ කිසිවක් සරණ කොට යාමෙන් සියලු දුකින් මිදීමට හැකි නොවේ. කෙතරම් විශිෂ්ට වුවද තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් වදාළ සේක. තමන් වහන්සේ දෙසු ධර්මය සසරින් එතෙර වීම පිණිස පහුරක් මෙන් යෙදා ගැනීම මිස කරතබා ගෙන යාම නොකළ යුතු බව බුදුරදුන්ගේ් උපදේශය එයයි.

එහෙත් අද වන විට බොහෝ දෙනාට ධර්මය අවශ්‍ය වී ඇත්තේ ලෝකයාට ප්‍රදර්ශනය පිණිස කරතබා ගෙන යාම පිණිස නොවේද? සුවඳ මලින් පමණක් මා පුදන්නෝ නිති ලෙස මා පුදන්නො නොවෙති.

ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝම මා නිති ලෙස පුදන්නාහු නම් මා පුදන්නන්ම වෙති. යන්න බුදුන් වහන්සේ තම ශ්‍රාවකයිනට දුන් වටිනා උපදේශයකි. එහෙත් අද වන විට සුවඳ මලින් පිදීම පමණක් බෞද්ධකම බවට පත්ව තිබේ.ඒ සදහා සංවිධානය කරන දැවැන්ත පින්කම්වලින් අඩුවක් නැත. ඉහත දක්වන ලද්දේ කතුවැකියේ සඳහන් කොටසකි.

අතිශයින්ම මෙය අන්ධ බාල බෞද්ධ කියා ගන්නා පිරිසට මග පෙන්වීමක් නොවේද? යමෙක් කුස තණ පත අල්ලන්නේද ? එම කුසතණ පත නිසි පිරිදි නිසි ලෙස අල්ලාගත යුතුය. වැරැදි ලෙස වැරැදි අතට අල්ලාගත් කුසතණ පත තමාගේම අත කපා ගනිමින් දුකට පත්වන්නෙ යම්සේද එපරිදි ප්‍රතිපත්ති මග වෙනස් කර ක්‍රියා කරන්නා කෙසේ නම් සුවයක් සැපතක් යහපතක් සලසා ගන්නේද?

බහුං වේ සරණං යන්තී - පබ්බ තානී වනානිච
ආරාම රුක්ඛ චෛත්‍යානී – මනුස්සා භය තජ්ජිතා
නෙතං ඛො සරණං ඛෙමං -නෙතං සරණ මුත්තමං
නෙතං සරණ මා ගම්ම- සබ්බ දුක්ඛා පමුච්චතී

යමෙක් යම් විටක භයින් තැති ගැනීමකින් දුකට පත්වන්නේද මනුෂ්‍යයෝ පර්වත, ගිරිගුහා බෝධිමළු පිහිටි ප්‍රසාධසථාන වන පෙත් ආරාම, වෘක්‍ෂ, චෛත්‍ය, සරණ කොට යෙති, තමන්ට මෙවන් පිහිට පිළිසරණ යැයි වඳීති පුදති. නමුත් මෙවන් ස්ථාන හෝ වස්තු සරණයාම නිර්භය සරණ යාමක් නොවේ.

මේ වස්තු ද්‍රව්‍ය සරණයට පැමිණීමෙන් සියලු දුකින් නොමිදුණේ වේ යනු මෙහි අන්තර් ගත යයි. පුදුමය මෙය නොවේ.මෙම ක්‍රියාවන් සෙතකි. සැපතකි. කළ යුතු යැයි උපදෙස් දෙමින් මෙම ක්‍රියාවන් තුළම බෞද්ධයා සඟවා තබා ගනිමින් මේවා යහපත්යැයි සුභදායක යයි මේ පසු පසම තබා යෑමට හුරු කිරීම සුදුසු නොවේ.

උජ්ජං ගලේ යථා චෙතෙත් - බිජං ඉහු කම්පි රොපිතං
න විපුලං ඵලං හෝති - න පිතො සෙති කස්සකං

ගල් බොරළු සහිත කුඹුරෙහි බොහෝ බීජ රෝපණය කරන ලද්දේ බොහෝ ඵල ඇති නොවන්නෙ ඒ අපිරිසිදු කිළුටු කම නිසාය. එම ගොවිතැන ගොවියා සතුටු නොකරන්නාය. එපරිදිම බොහෝ වූ පූජාවස්තු කිළුටු පරිදි තබන ලද්දේ එය මහත් ඵල නොවන්නේය. ක්‍රියාවට යෙදුණ තැනැත්තේ සතුටු කරන්නේද නොවේ.

මෙවන් ක්‍රියා සම්මා සම්බුද්ධ ශාසනික වශයෙන් සසඳා විසඳා බලනා කල්හි පිළියමක් නැති වැරැදි යැයි විටක නොසිතේද? මෙයට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැකිවන්නෙ ආමිස පූජාවට බලවතුන් විසින් බෞද්ධයාගේ අතින් ඇදගෙන ඉදිරියට යාමය. සමස්ත මිනිස් සමාජයම මෙසේ ආමිසයට පමණක් යොමු කරවීම සම්මා සම්බුද්ධ ශාසනයේ ලේ ධාතුවට විස පෙව්වා සමානය. ඇවිලෙන ගිනි යැයි සිතා කණාමැදිරියන් පිට ගොමරිටි වියළි තණ රොඩු වටා කැටි කොට පිඹ පිඹ ගිනි සොයන්නේ ගිනි නොලබන්නේය. එපරිදි පිළිවෙත වෙනස් කර වරදවා නොමඟට පිළිපන්නේ දහමින් විපුල ඵල නොලබන්නේය.

දෙනගේ අඟෙන් කිරිදොවා කිරි නොලබන්නාසේය. සම්මා සම්බුද්ධ ශාසනයේ වත පිළිවත පිළිනොගන්නෙ ප්‍රසන්න නොවන්නෙ කතා කරන්නේ ගෞරව නොදක්වන්නෙ නොකරන්නෙ ප්‍රණාම නොදක්වන්නෙ නොකරන්නෙ නොදක්වන්නේ ප්‍රණීත රස උදුරා නොගන්නෙ උපන් වාසනා ගුණ අහිමි වන්නෝය. මග හොඳට තිබේ නම් යන්න දෑසත් පෙනේ නම් කිම බැදි වල යන්නේ මං මුළාවූ එකෙකුසේ.

අකුසල කළෝ සසල ය
කුසල කළෝ නිසසල ය

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]