UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පරම සත්‍යය හෙළි කළ දෙසුම

අකුසලය කුසලයෙන් ජය ගත යුතු ය. දුසිරිත සුසිරිතින් ජය ගත යුතු ය.වෛරය අවෛරයෙන් ජය ගත යුතු ය. කිසි කලක වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි. අවෛරයෙන්ම එය සන්සිඳෙයි. මෙය සනාතන ධර්මයකි.

බුදු දහම අසුබ වාදයක් යැයි පැවසීමට හේතුව බුදු සමය තුළ දුක ගැන සඳහන් වීමයි. ලෝකයේ පැවැත්ම තුළ සෑම දෙයක්ම යහපත උදෙසා පවතින බව කියන මනුෂ්‍යයෝ ද සෑම දෙයක් ම අයහපත අනුව පවතින බව අවධාරණය කරන මනුෂ්‍යයෝ ද සිටිති. මනස සහ එහි ක්‍රියාකාරිත්වයෙහි විශ්ව සාධාරණ ස්වභාවයක් ඇත. තමන් කවුද යන්න වටහා ගැනීම, බෞද්ධයාගේ ඉලක්කය විය යුතුය. අසහනය, දුක, අතෘප්තිය ශුද්‍ර ප්‍රාණියා ගේ සිට මනුෂ්‍යයා කෙරෙහි බලපාන විශ්ව සාධාරණ ධර්‍මතාවකි. මනුෂ්‍යයන්ගේ අරමුණ සතුට හා තෘප්තියයි. එය නොලද විට දුක හටගනියි.. බෞද්ධ දර්ශනයේ පරමාර්ථය නිවන් අවබෝධ කිරීමයි. නිර්වාණය, චරිතානුකූලව ,භාවනා ක්‍රම මගින් උසස් ඤාණ දර්ශනයක් ඇති කරගෙන එමගින් ,අවබෝධ කළ යුතු යි.

කෝපය, වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව, කුහක කම, ආදී අසාර ධර්ම මුළු මහත් මනසත්, ශරීරයත්, විකෘති කරයි. මෙය, නිරීක්‍ෂණය කළහොත් හොඳින් වැටහෙන කරුණකි. ලෝකයේ විවිධාකාර ආගම් දෘෂ්ටි, න්‍යාය, සමය පවතී. බුදු දහමේ ඒකායන අරමුණ නිර්වාණාවබෝධයයි. මෙය දිව්‍යමය දෙයක් නොවේ. අත්දැකිය නොහැකි ගුප්ත දෙයක් ද නොවේ. ‘පච්චත්තං වේදී තබෙබා විඤ්ඤූහීති ‘ යනුවෙන් දේශිත පරිදි තම තමන්ම ප්‍රත්‍යක්‍ෂ කළ යුතුයි.

අත්‍ථංගතස්ස න පමාණමත්ථි -
යෙත තං වජජු තං තස්ස නත්ථි
සබ්බෙසු ධමෙමසු සමූහතෙසු
සමූහතා වාදපථා පි සබෙබ
සූත්ත නිපාතය

මරණයක් නැත්තා වූ නිත්‍ය මංගල පරම සුන්දර නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ කළ තැනැත්තා ගේ ස්වභාවය මැනීමට මිණුම් දණ්ඩක් නැත. ලෝකයේ පවත්නා සියලු භෞතික පදාර්ථ සහ සියලු ධර්ම අභාව වූ තැන සියලු වාද පථ ද (කථා ව්‍යවහාර ද) නැති වෙයි.

බුදු දහම ශ්‍රේෂ්ඨ ආගමකි. අවිහිංසාව පදනම් කොට ගත් නිසා, එය බොහෝ දෙනා අගය කරති. නොපසුබස්නා උත්සාහය, ස්ථිර අධිෂ්ඨානය, ගම්භීර ප්‍රඥාව මූර්තිමත් කළ පරිශුද්ධෝත්තමයාණන් වහන්සේ, බුදු හාමුදුරවෝ ය.

සබ්බාභිභූ සබ්බ විදුහමස්මි-
සබේබෙසු ධම්මෙසු අනුපලිත්තො -
සබ්බඤ්ඡහො තණ්හක්ඛයෙ විමුත්තො
සයං අභිඤඤායකමුද්දිසෙය්‍යං
(ධම්ම පද 353 ගාථාව)

බුදුරජාණන් වහන්සේ සියල්ල මැඩලූයෙමි. ලෝකයේ වාසය කරන සියලු දෙනා දනිමි. සියලු දෙයෙහි නොඇලෙමි. සියල්ල දුරැර තණ්හාව කෙළවර කිරීමෙන් සියල්ලෙන්ම මිදුණෙමි. ලෝකයේ විශ්වයේ පවත්නා සියල්ල තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් කවරකු මා ගුරුවරයා වේ දැයි බුදුරජාණන් වහන්සේ පැවසූහ.

ශ්‍රේෂ්ඨ පෞරුෂය, කීර්තිමත් විනය, බහුශ්‍රැත භාවය, විශ්වය පිළිබඳ ප්‍රඥාව (WISDOM OF THE UNIVERSE) දක්නට ලැබෙන, ශ්‍රේෂ්ඨ, ශිෂ්ඨාචාරයක් මූර්තිමත් කළ සංවිධානයක් බිහි කළ අසමසම අනාථ නාථ අසරණ සරණ, අති පූජනීය උත්තමයා, බුදු හාමුදුරුවෝම ය. නිර්වාණය සාක්ෂාත් කිරීමට තණ්හාව, ආශාව, ලෝභය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම මුළුමනින් මුලිනුපුටා දැමිය යුතුයි.

“දුද්දසො අනනුබෝධෝ
පණ්ඩිතෝ, වේදනීයෝ

බුදු දහමමෝඩයන්ට නොව ප්‍රඥාවන්තයන්ට අවබෝධ කළ හැකි දහමක් බව දේශනා කළහ.

“ ඉදං පච්චයතා - ඉදං හොති
ඉදං සති ඉදං හොති”

මෙය පවතින විට මෙය පවතියි යනුවෙන් ලෝකය පවතින හේතු ඵල රටාව පැහැදිලි කළ සේක. පරමා දර්ශී ජීවිතය ප්‍රව්‍රජ්ජාවයි. විදර්ශනා නුවණ වැඩීමෙන් එහි ඵලය ලද යුතුයි. මෙමඟින් තමන්ගේ දුක නිවාරණය වෙයි.

අකුසලය කුසලයෙන් ජය ගත යුතු ය. දුසිරිත සුසිරිතින් ජය ගත යුතුය.වෛරය අවෛරයෙන් ජය ගත යුතු ය.

කිසි කලක වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි. අවෛරයෙන්ම එය සන්සිඳෙයි. මෙය සනාතන ධර්මයකි. සාමග්‍රිය අවශ්‍ය ය. එය සැපතකි. ජාතීන් අතර සුහදතාව, අන්‍යොන්‍ය මිත්‍රත්වය, ආගමික සුහදතා යන ප්‍රතිපත්ති ලෝක සාමයට හේතු වෙයි. සාමයේ, සමාදානයේ පණිවිඩය ලෝකයා වටහා ගත්තේ බුදු දහමේ නිදහස් චින්තනය මගිනි.

ලෝකයේ දැනට බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන 300 ට වැඩි බව සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වෙයි.

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඤ්චක නිපාතයේ පඤචක පණ්ණාසකයේ අභිඥා වග්ගයේ සාගත වත්‍ථු සූත්‍රයේ මෙලොව පරලොව ජීවිතය සැපවත් කර ගැනීමට අවශ්‍ය සතර බ්‍රහ්ම විහරණ ගැන සඳහන් වෙයි.
1. මෙත්තා
2. කරුණා
3. මුදිතා
4. උපේක්‍ෂා
යනු ඒ සතර බ්‍රහ්ම විහරණ යි.

ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

 

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]