UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු -අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යොත්සවය

මහනුවර මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පූ‍ෙණ්‍යමහොත්සවය 2010 මැයි මස 27 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනයෙන් ආරම්භ කර ජූනි 25 වන දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පෝය දිනයෙන් අවසන්වන බව, සියම් මහ නිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි සහ අස්ගිරිය මහාවිහාර පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම සද්ධර්ම කීරිති ශ්‍රී ධම්මදස්සී රතනපාල, බුද්ධ රක්ඛිත මහා නා හිමි දෙනම, ඒ ඒ පාර්ශ්වයන්හි උපසම්පදාපේක්‍ෂකයින් වෙත නිකුත් කරන ලද නිවේදනයන්හි සඳහන්ව ඇත. මැයි 27, ජූනි 04, ජූනි 12, ජූනි 19, ජූනි 25 යන පෝයදිනයන්හි උපසම්පදා පෙරහර සමගද, සෙසු දිනයන්හි පෙරහර රහිතවද උපසම්පදා විනය කර්මය මල්වතු අස්ගිරි මංගල උපෝසථාගාරයන්හි සිදු කෙරේ. වාහල නාගනාමයෙන් උපසම්පදාශීලයෙහි, පිහිටුවන ලබන සාමනේර ස්වාමීන් වහන්සේලා ශ්‍රී දළදා මාළිගාවේ සිට උපසම්පදා පෙරහරෙන් මහා විහාරයන් කරා වැඩමවාගෙන යනු ලබති.

 මහා නාහිමි අනුනා හිමිවරු පෝයදිනයන්හි සිදු කරනු ලබන උපසම්පදා පේක්ෂක හිමිවරුන්ගේ උපාධ්‍යායන් වහන්සේලා වෙති. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි, අනුනාහිමි දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහියංගන රජමහ විහාරාධිපති ගලගම, අර්ථදස්සී, අනුනාහිමි වරුන් ද මහානාහිමි දෙනම විසින් මහෝපාධ්‍ය පදවි වලට පත්කර ඇති නාහිමිවරුන් උපසම්පදා විනය කර්මඵල මහෝපාධ්‍යවරුන් වහන්සේ ලෙස, කර්මාචාර්ය හිමිවරුන් සමඟ පෙනී සිටිති. මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී, වල්ගොව්වාගොඩ, විමලධම්ම හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආනමඩුවේ, ධම්මදස්සි හිමි නියෝජ්‍ය ලේඛකාධිකාරී, පරිවේණාධිපති නාරන්පනාවේ ආනන්ද යන හිමිවරු උපසම්පදා ලේඛක කටයුතු භාරව සිටිති.කටක රවි 09 භාග වූ ජූලි මස 25 වෙනි දින ගිම්හාන සෘතුවෙහි 10 වෙනි පොහොය කොට ඊට පසු පසු දින පෙරවස් එළඹීමද සිංහ රවි 08 භාග වූ අගෝස්තු මස 24 කුජ දින වස්සාන සෘතුවෙහි 2 වෙනි පොහොයකොට ඊට පසු දින පසු වස් එළඹීමද තුලා රවි හය භාග වූ ඔක්තෝම්බර් මස 22 වන කිවිදින පෙර වස් පවාරණයද වෘශ්චික රවි 06 භාග වූ නොවැම්බර් 21 වන රෂ පසුවස් පවාරණයද යෙදෙන්නේ ය.

උපසම්පදාපේක්‍ෂකයින් පළාතේ නායක තෙරුන් වහන්සේලාගෙන්, පිරිවෙනක ශිෂ්‍යයින් නම් පරිවේණාධිපතින් වහන්සේගෙන්ද, ගුරුවරුන් විහාරස්ථානය, ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් හා උප්පැන්න සහතික ඇතිවද පැවිදි කළ පැවිදි ගුරුවරුන් සමග පැමිණිය යුතු යි. මෙම වසරේ දී උපසම්පදා වීමට බලාපොරොත්තු වන සාමණේර තැනගේ නමත් උපන්දිනත් සම්මත පරිදි වාචෝත්ගත කරන ලද සාමණේර බණදහම් ආදිය පිළිබඳ විස්තරත්, ගුරුවරයාගේ සහ ගුරුවරුන්ගේ නම් ද විහාරස්ථානයේ ලිපිනයන්, දිස්ත්‍රික්කයත් දන්වා ඇති දිනයට ප්‍රථම ලියා එවන ලෙස මල්වතු අස්ගිරි මාහිමිවරු දෙනම සිය උපසම්පදා නිවේදනයෙන් ඉල්ලා ඇති අතර ඒ බව ප්‍රාදේශීය සියලුම භික්‍ෂූන් වහන්සේ වෙත ඒ ඒ පළාත්වල නායක ස්ථවිරයන් වහන්සේ විසින් දන්වා සිටිය යුතු බවද මතක් කර ඇත.

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]