UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කෑගල්ල බෙලිගල, බෝදාවල වෙලේකඩේ නො.27/1 ලිපිනයේ පදිංචි එම්. ඉෂාරා ජීවන්ති කුමාරි, (අවු. 22) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. ඇයට එම වකුගඩුව ලබා දීමට කැමති අයෙකු වේ නම් පහත දුරකථන අංකයකට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 071 –2027213, 071- 4492240, 071 – 8952890 එම දුරථකන අංක වේ.


කඩවත රන්මුතුගල නො. 86/6 එච්.එම්. එල්.ජේ. බණ්ඩාර බාරේ ලිපිනයෙහි පදිංචි කේ.ජී. ධර්මසේන යන අයට වකුගඩුවක් බද්ධ කළ යුතු ආබාධයකින් පෙළෙන බැවින් ඒ සඳහා “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත. “ඕ” වර්ගයේ ලේ ඇති පරිත්‍යාගශීලී අයෙකු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති නම් 071 – 4708520 ට හෝ 071 – 3432074 ට දැනුම් දෙනමෙන් ද, මේ සඳහා යම්කිසි මුදල් ආධාරයක් කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වෙතොත් මහජන බැංකුව, අම්බලන්තොට ශාඛාවේ ගිණුම් අංක 072200120007778 ගිණුමට බැර කරන මෙන් ද ඉල්ලීමක් කැරේ.


දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අවු. 51 ක් වයසැති අයෙකුට, ඔහු සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත්, 0773 948782 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


පාලින්දනුවර, බෙල්ලන 834 ඩී යකුපිටිය ග්‍රාම නිලධාරී වසමේ පදිංචි මතුගම බෙල්ලන මහ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන 18 හැවිරිදි කේ.එල්.ඩී. ලක්මිණි ලංකා දියණිය හොජ් කිංනිස් ලියුෆෝමා රෝගයෙන් පෙළෙන බවත්, එම තත්ත්වය සුව කිරීමට ඇයට අවශ්‍ය ඖෂධ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවත් මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එවන් මුදලක් පියවා ගැනීමට අපහසු බැවින් ඒ සඳහා ඔබ සැමගේ ආධාර අපේක්‍ෂා කරන බව, කේ.එල්. නන්දසේන සහ වයි.ඩී.ඉන්ද්‍රානී වන ඇගේ මව්පියෝ පවසති. දියණියගේ නමින් ලංකා බැංකුවේ අගලවත්ත ශාඛාවේ අංක 70176209 දරන ගිණුමට එම පරිත්‍යාගයන් බැර කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. දුරකථන අංකය 034 – 7211610 වේ.


ගොඩකවෙල ගලහිටියේ පදිංචි දෙදරු මවක් වන ඕ.බී. චන්ද්‍රාවතී මහත්මිය දරුණු වකුගඩු ආබාධයකට ලක්ව තිබේ. ඇයගේ රෝගය සුවපත් කිරීමට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙකුගේ වගකීම තනිව දරමින් අසරණව සිටින ඇය සුවපත් කිරීමට වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඇයගේ් දූ දරුවෝ ඉල්ලීමක් කරති. වැඩි විස්තර 045 - 3601551 , 071 - 2643843 , 071 - 6592550 යන දුරකතන අංක මගින් විමසා දැනගත හැකිය.

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.

මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]