UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත් වහන්සේ නිරාවරණය 18 වන දා
 

පොල්පිටිමූකලාන අශෝකාරාමස්ථ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය රාජයාණන් වහන්සේ

කඳාන, පොල්පිටිමූකලාන අශෝකාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදානෝත්සවය හා කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම මස 18 වනදා පෙරවරුවේ සමස්ත අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ග්‍රන්ථ විශාරද සංස්කෘත භාෂා චක්‍රවර්ති දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන්ගේ හා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මහා නායක ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශාලංකාර විනය කීර්ති ශ්‍රී පරියත්ති විශාරද කම්මට්ඨානචරිය ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මහ නාහිමියන්ගේ සුරතින් සිදු කැරේ. අශෝකාරාමයේ ආරම්භය 1942 කරන්දෙණියේ විමලසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු වූහ. එතැන් පටන් මේ දක්වා විහාරස්ථානයට අඩුපාඩුවක්වූ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම විහාරාධිපති උතුරුමාගල නන්දසිරි නාහිමියන්ට ඉතාම ප්‍රබල අස්වැසිල්ලක් වූයේ විහාරස්ථ ශ්‍රද්ධාවන්ත දායක පවුලක් මෙම කර්තව්‍ය සඳහා ධන පරිත්‍යාග කිරීමට භාර ගැනීමයි. ඒ අනුව විශාල මුදලක් වැයකොට එම චෛත්‍ය රාජයාණන් වහන්සේ වර්‍ෂ දෙකක පමණ කාලයකින් නිම කරදීමට ඒ දායක පිරිසට හැකිවූ අතර ඒ ඇත්තන්ගේ උදාරම ගුණය තමන්ගේ නම් ගම් පවා සඳහන් කිරීමට අකමැති වීමයි.

මේ උතුම් පුණ්‍ය කර්‍මය සිදු කිරීමේදී විහාරාධිපති උතුරුමාගල නන්දසිරි නාහිමියන්ගෙන් ලැබුණු අනුශාසකත්වය හා උපදේශකත්වය වචන වලින් විග්‍රහ කළ නොහැකිය. අප්‍රතිහත ධෛර්යයකින් හා ස්ථානෝචිත ප්‍රඥාවකින් කටයුතු කළ උන්වහන්සේ විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ හා දායක කාරකාදී පින්වතුන්ගේද ප්‍රදේශයේ තරුණ පිරිස්වලද සහාය ලබාගෙන වර්ෂ දෙකක් වැනි කාලයකදී මෙම ස්ථූපය වන්දනා මාන කරන තත්ත්වයට පත් කරන ලදී. එහිදී උන්වහන්සේ සිදු කළ අති දැවැන්තම කටයුත්ත වන්නේ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භය තුළ පිළිම වහන්සේ දස දහසක් (10,000) නිදන් කර ඇති එකම ථූප රාජයා ලෙස 2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කර ඉදි කරන ලද මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ හඳුන්වා දීමට පුළුවන.

මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවය හා කොත නිරාවරණය කිරීමේ උත්සවය නිමිත්තෙන් ප්‍රාදේශීය පෙරහර 6 ක් මාර්තු 9 සිට මාර්තු 14 දක්වාද ධර්ම දේශනා 8 ක් 9 වනදා සිට 16 වනදා දක්වාද පවත්වා 17 වනදා සත්බුදු පූජාවක්ද පවත්වනු ලැබේ. 15,16,17 දිනවල විශේෂ ධාතුන් වහන්සේලාගේ ප්‍රදර්ශනයක් ද පවත්වා 18 වනදා කොත් වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව 50 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානයක්ද පවත්වා එදින රාත්‍රියේ විශේෂ චෛත්‍ය පූජාවක්ද තුන්යම් රාත්‍රිය පුරා පරිත්‍රාණ දේශනාවක්ද පසුදින (18) උදෑසන හීල දානයක්ද පවත්වා පින්කම් මාලාව නිමා කිරීමට බලාපොරොත්තුවේ.


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]