Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර සංඝමිත්තා පෙරහර පෝදා

විහාරමහාදේවී ආරාම දායක සභාව හා දහම් පාසල් සංවර්ධන සංගමය 46 වන වරට පවත්වන අනුරාධපුර සංඝමිත්තා මහා පෙරහර උඳුවප් පුන් පෝහෝදින අනුරාධපුරයේදී පැවැත්වේ.

එදින පස්වරු 3.30 ට වීදී සංචාරය කරන මෙම පෙරහර අනුරාධපුර ඓතිහාසික මහ මෙවුනා උයනේ ථූපාරාම චෛත්‍ය රාජයාණන් අබියස සංඝමිත්තා සෑය අසලින් අවසන්වන බව අනුරාධපුර - සංඝමිත්තා මාවත ගොඩිහේවත්ත නන්දන සුදර්මාරාමාධිපති නුවරඑළියේ සුභාෂනී මෙහෙණින් වහන්සේ පැවසුවාය. එම පෙරහර සඳහා මෙහෙණින් වහන්සේලාද ප්‍රදේශයේ බෞද්ධ කාන්තා සංවිධානවල උපාසිකාවන් ඇතුළු අතිවිශාල පිරිසක් එක්වනු ඇතැයි ද සුභාෂනී මෙහෙණින් වහන්සේ පැවසුවාය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.