UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ඉතා ඉහළින් රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට පෙරහර කමිටුව මගින් පියවරගෙන ඇත.

ඒ සඳහා රජයේ සහයෝගය ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා විසින් අවශ්‍ය පියවරගෙන ඇත. පැරණි චාරිත්‍රානුකූලව පුද සිරිත් පැවැත්වීම සඳහා කෝට්ටේ , මිරිහාන පාගොඩ හා බැද්දගාන යන සතර පේරුවේ දායකයින් හා ගම්වැසි බැතිමතුන්ද ඉදිරිපත්ව සිටී.

අගෝස්තු මස 17 වන දින රාත්‍රී සර්වරාත්‍රික මහපිරිත් දේශණයකින් පෙරහර මංගලෝත්සවය ඇරඹෙන අතර 19 වන දින රාත්‍රි 8.30 ට උතුර බලා කප් සිටුවීම සිදුකෙරේ. 20 වන දින හා 21 වැනි දින රාත්‍රී තේවාවන් සිදුවේ. 22 වන දින කුඹල් පෙරහරද, 23 වන දින හා 24 , හා 25 වෙනි දිනවල මල් පෙරහර පැවැත්වේ. 26 වන දින පාවාඩ පෙරහරද 27 වන දින වීදි පෙරහරද 28 වන දින රන්දෝලි පෙරහරද 29 වෙනි දින ශ්‍රී දළදා මහා පෙරහරද පැවැත්වේ. අගෝස්තු 30 වෙනි දින උදේ දියකැපීමේ පෙරහර විහාරස්ථානයෙන් පිටත් වී, දියවන්නා ඔයේ දී දිය කැපීම් සිදුකෙරේ. එදින දවල් ඇතුල්කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙන් විහාර දායක සභාව මගින් දේවදානය පිරිනැමේ. සවස් පෙරහර ගෙවැදීමෙන් පසු කෝට්ටේ රජමහා විහාරස්ථ දායක සභාව මගින් දේවදාන ය පිරිනමා උත්සවය අවසන් කෙරේ. කෝට්ටේ රජමහා විහාරාධිපති අළුත්නුවර අනුරුද්ධ නා හිමි, හා දායක සභාවේ සභාපති නිශාන්ත සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය මගින් පෙරහර සංවිධානය කෙරේ.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]