UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා ප්‍රදර්ශනය 6 වන දා සිට

වසර පහකට පසු ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් මාර්තු මස 06 වනදා සිට 16 වනදා දක්වා පුරා දින 11 ක් මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා හා පූර්ණ ආශිර්වාදය මත පැවැත්වීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තීරණය කැර ඇත.

ඉතිරිය»

සිරි දළදා විසිතුරු

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවී ය. එසේ ම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබිණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදෙයි. ඒවාට ‘දාඨා ප්‍රභා’ යැයි කියනු ලැබේ

ඉතිරිය»

ධර්ම දේශනාව:

මිනිසත් බව දුබලය

උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජා භය) දෙක .එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා.

ඉතිරිය»

සිරි දළදා ප්‍රදර්ශනයට මේ සුදුසුම කාලයයි -  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

වසර පහකට පසු මහජනතාව සඳහා ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තීරණය කර තිබේ. මේ අනුව 2004 වසරෙන් පසු මෙම වසරේ මාර්තු මස 06 වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක බලා ගැනීමට මෙරට මෙන්ම විදේශීය ජනතාවට අවකාශ සැලසේ. මෙම දළදා ප්‍රදර්ශයත් ඒ හා සම්බන්ධ චාරිත්‍ර විධි පිළිබඳවත් දියවඩන නිලමේතුමන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්ශනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයෙන් දැක්වෙයි. කඩදොර ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන්,
පිළියන්දල ඇම්.දේශබන්ධු මූර්ති ශිල්පියා විසින් මෙම පිළිමය නිර්මාණය කර ඇත. ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

මැදින් පුර අටවක

මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා පූර්ව භාග 2.13ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]