UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී දුරුතු පුර පෝදා වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීලසමාදානය හා අනුශාසනය හිඟුරක්ගොඩ විභාවි හිමි 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි 9 - 10 දහම් දෙසුම නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි 10 - 11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා 11 - 11.15 බුද්ධ පූජාව මෙහෙයවීම බොරලැස්ගමුවේ පදුම හිමි පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ මකුලේමඩ විමලවංස හිමි 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව උඩුදුම්බර ලංකානන්ද හිමි . 2 - 3 දහම් දෙසුම කිරම රාහුල හිමි 3 - 3.45 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි .4 - 5 දහම් දෙසුම නෑහින්නේ අරියවිමල නාහිමි. 5 - 6 ධම්මපදය පානදුරේ පසන්න හිමි 6 - 6.30 බෝධිපූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

දුරුතු පෝදා මහරගම තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව හක්මන සුමනසිරි හිමි, 8 – 9 භාවනාව, කැනඩාවේ මිසිසාගා බෞද්ධ විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 9 – 10 විශේෂ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය ජේ.එම්.පී. ජයමහ මහතා, 10 – 11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව පාණදුරේ, පසන්න හිමි, 2 – 3 ධර්ම දේශනාව පණ්ඩිත ශාස්ත්‍රවේදී තිඹිරිවැව සුමනසාර මාහිමි, 3 – 4 ධර්මදේශනාව, ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති මාහිමි, 4.15 – 5 ධම්ම පදය ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව උඩදුම්බර ලංකානන්ද හිමි, 6 – 6.30 බෝධි පූජා වැ මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පෝදා පින්කමි

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දුරුතු පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු. 06.00- 7.30 සීල සමාදානය, මෛත්‍රී භාවනාව සෙත් පිරිත් හා බුද්ධ පූජාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9 භාවනාව උතුරාවල ධම්මරතන හිමි, 9 – 10 ධර්ම දේශනය අමුණුකඳුරේ ධම්මරතන හිමි, 10.15 – 11.00 බුද්ධ පූජාව පස්වරු 1.00 – 2.00 ධර්ම දේශනය මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2.00 – 3.00 බෞද්ධ කථාව සාමවිනිසුරු කේ.කේ. සුගතපාල මහතා 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව වහුමුවේ විජයවංස හිමි, 4.45 – 5.45 ධර්ම දේශනය හා 05.45 – 6.00 සිල් පවාරණය තලල්ලේ ධම්මික හිමියන් විසින් පවත්වනු ලැබේ.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කළුතර බෝධි පරිශ්‍රයේ දී දුරුතු පෝදා පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය. පෙරවරු 06.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 8.00 – 11.00 භාවනාව මෙහෙයවීම වතුරුගම නන්දසිරි හිමි, පස්වරු 01.30 – 2.30 ධර්ම දේශනය වස්කඩුවේ මහින්දවංශ හිමි, 2.45 - 3.45 ධර්ම දේශනය කහපොළ නන්දරතන හිමි, 4.00 – 6.00 ධර්ම දේශනය මිල්ලෑවේ උපසේන හිමි, 6 – 7 කේ. පරණවිතාන මහතාගේ නව අරහාදී පහන් පූජාව


වලව්වත්ත පින්කම

පානදුර වෑකඩ වලව්වත්ත සුහද මාවතේ ශ්‍රී රත්නාරාම විහාරාධිපති උනාකුරුවේ අරියධජ හිමියන්ගේ අනුශාසනා පරිදි අභිනව චෛත්‍යයේ කොත් පැළඳවීමේ හා නිරාවරණය කිරීමේ මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණීස්සර නා හිමියන් අතින් මෙම මස 9 දා සිදු කිරීමට නියමිතව තිබිණි. එදින මීට සමගාමීව අභිනවයෙන් ඉදිකළ විහාරමන්දිරය ධාතුමන්දිරය හා ධර්ම මන්දිරය පුස්තකාලය හා සංඝාවාසය විවෘත කොට පූජා කැරිණි


කතරගම කිරිවෙහෙර

කතරගම විශේෂ

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී දුරුතු පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

පෝදා උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍ය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළදවීමසිදුකෙරේ.

කිරි වෙහෙර චෛත්‍ය මලුවේ භාවනා වැඩසටහන පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඇලදූවේ පඤ්ඤාතිලක නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

සවස මහසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් කිරිවෙහෙර මලුවේ සිට මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධී පූජා පින්කමක් පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට හා රණවිරුවන්ට සෙත් පැතීම සිදු කෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පුජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන් වන තුරු විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී සීල භාවනා වැඩසටහනක් දුරුතු පුර පෝදා විහාරාරාමාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරුවරු 6 - 6.30 උපෝෂථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 - 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන , 9.15 - 10.15 ධර්ම දේශනාව කොරයේ ලතින්ද හිමි, 15 - 11.00 දවල් ආහාර බුද්ධ පුජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ක්‍ධායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 - 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2.15 - 3.15 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 3.15 - 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව මිහරවත්ත පඤ්ඤාසිරි හිමි, 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7- 7.30 මල් පහන් ගිලන් පස බුද්ධ පුජාව කෙසෙල්පොත සුමනවංස හිමි, 7.45 - 8.43 දහම් දෙසුම


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේදී දුරුතු පුර පොහෝදා, විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ පුර්ණ සංවිධායකත්වයෙන් දවසපුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේය.

පෙරවරු :-5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව . 6.30 - 7.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පුජාව හා කෙටි අනුශාසනාව - කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි. 8.30 - 9.30 ජාතක කතා විමර්ශනය ඇකිරියේ සමිත හිමි. 9.45 - 10.45 කාව්‍යමය ධර්ම දේශනාව නරවැල්පිට අරියරතන හිමි . 11 - 11.30 දවල් ආහාර බුද්ධ පුජාව බදුල්ලේ සුමංගල හිමි.පස්වරු -1 - 2 සෙත් පිරිත් සජ්ක්‍ධායනාව සහ දහම් පොත් බෙදාදීම 2 - 3 විශේෂ භාවනා වැඩසටහන සහ අභිධර්ම පන්තිය - කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි 3.15 - 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි. 4.30 - 5.30 විශේෂ ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි. සවස 6.30 - 7. 30 විශේෂ ආශිර්වාද පූජාව අඹගස්ආරේ කමලසිරි හිමි


මාතර බෝධිය

මාතර බෝසමිඳු අබියස දී දුරුතු පෝදා පවත්වනු ලබන සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 – 7 අටසිල් සමාදන් කරවීම හා වන්දනා කිරීම මෙහෙයවීම දෙනගම පඤ්ඤාලෝක හිමි, 8 – 9.30 ධර්ම දේශනය වෙහෙරයායේ නන්දවංශ හිමි, 9.30 – 10.30 භාවනා වැඩසටහන මෙහෙයවීම බලංගොඩ ශාස්තසිරි හිමි, 10.45 – 11.30 බුද්ධ පූජාව මෙහෙයවීම සෙවනගල අමිත හිමි, පස්වරු 1 – 2.30 ධර්ම දේශනය දේවාලෙගම සුමනරතන හිමි, 2.30 –3.30 බුදුගුණ වන්දනාව හා පිරිත් සජ්ඣායනය අටසිල් සමාදන වූ සියලු දෙනා විසින් 3.45 – 5.00 ධර්ම සාකච්ඡාව ඇහැලපේ යතිරතන හිමි හා හත්තොටුවේ ඉන්දරතන යන හිමිවරු, 5.00 – 6.00 සිල් පවාරණය හා සිල් අලුත් කිරීම දෙනගම පඤ්ඤාලෝක හිමි.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී දුරුතු පෝද පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 6 ට සීල සමාදානය මෙහෙයවීම තෙල්වත්තේ අචලනාග හිමි, 6.30 සම්බුද්ධ පූජාව 8.15 භාවනාව මෙහෙයවීම ආටිගල අමිත දේව හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ තිලංග දියබලනගේ දායකත්වයෙනි.10.00 ට ධර්ම දේශනය පිටිගල විජිත නා හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 ධර්ම දේශනය මරදන්කඩවල සෝභිත හිමි, 3.00 ධර්ම දේශනය අම්බුලගල සුමංගල හිමි, 4.30 ධර්ම සාකච්ඡාව ආටිගල අමිතදේව හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම දොළොස්බාගේ ශාස්තනාග හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී දුරුතු පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.25 උවැසි උවැසියන් සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව මෙහෙයවීම මලිදූව විමලවංශ නාහිමි, 8.00 බුදුගුණ වන්දනාව, වලස්ගල පඤ්්ඤාසිරි හිමි, 9.30 විදර්ශන මාර්ගය කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මහත්මිය 10.30 බුද්ධ පූජා වන්දනාව ගොඩගම චූලාලංකාර නාහිමි, පස්වරු 1.30 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමි ඇතුළු මහ සඟරුවන, 2.00 ධර්ම දේශනාව වැලිපිටියේ විමල හිමි, 3.00 ධර්ම සාකච්ඡාව 5.00 ධර්ම දේශනය, බුද්ධ වන්දනාව, සිල් පවාරණය පාතේගම සංකිච්ච හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ - වැලිපාර සංඝමිත්තාරාමය භාවනා මධ්‍යස්ථානයේදී දුරුතු පෝදා අලුයම 5.30 ට විශේෂ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වේ. උදෑසන 7.30 - 8.30 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් ධර්ම දේශනයක්ද 8.30 - 11 රණාල අමාදම් අසපුවේ වැල්ලම්පිටියේ විනයවංශ හිමියන් විසින් මෙහෙය වන භාවනා වැඩසටහනක් ද වේ. 11.00 ට දවල් බුද්ධ පූජාව පැවැත්වේ. පස්වරු 12.30 - 1 ධම්ම චක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනයෙන් අනතුරුව 1 - 2 දහම් දෙසුම බුද්ධංගල ආනන්ද හිමියන් විසින් ද 2.15 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙය වන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5 - 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ දී සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.30 ට අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


විදර්ශනා භාවනා හා දේශනා මිනුවන්ගොඩ දී

මිනුවන්ගොඩ සාමවිනිසුරු අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා ‘ වැඩසටහන් මාලාව දුරුතු පුර පෝදා පහත සඳහන් විහාරස්ථානයෙහිදී පැවැත්වේ.

එදින පෙරවරු 8 - 10 රාගම , මත්තුමගල , පුරාණ තපෝවනාරාමයේ දී වැලිසර සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද, 10 - 11.30 රාගම , මත්තුමගල, පරාක්‍රමපාර ශ්‍රී බෞද්ධාලෝක විහාරස්ථානයේදී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පස්වරු 12 . 30 - 2.30 දෙවලපොල , ගල්ලෙගෙදර ශ්‍රී සාක්‍යසිංහාරාමයේදී අලුත්නුවර සිවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා 2.30 - 4.30 දෙවලපොල , ගණිනිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේදී ශාස්ත්‍රපති කන්දෙකුඹුරේ නන්දසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද එම වැඩසටහන පැවැත්වේ. ඩබ්ලිව්. දික්කුඹුර


කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී දුරුතු පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කිරීම හා බුද්ධ වන්දනාව මෙහෙයවීම කළුතර සරද හිමි, 8.15 – 9.45 නිලන්ත බමුණු ආරච්චි මයා, 10 – 11 ධර්ම දේශනය සහකාර කථිකාචාර්ය කුඩාකත්පෝරුවේ විනීත හිමි, 11.00 බුද්ධ වන්දනාව, පස්වරු 2 – 3 ධර්ම දේශනය අත්තුඩාවේ සරණසිරි හිමි, 3. 15 – 4.15 ධර්ම දේශනය ගලගම හස්තජීව හිමි, 4.15 – 05.15 ධර්ම දේශනය උඩුගල්මොටේ තිලකසිරි හිමි, 5.015 – 06.15 බෝධි පූජාව හා සිල් පවාරණයෙන් මෙදින වැඩසටහන නිමාකැරේ.


මිණිඔළුව

මීරිගම මිණීඔළුව විද්‍යාවාස පිරිවෙනේ දුරුතුමහා පූජෝත්සවය 44 වෙනි වරටත් මෙම දුරුතු පෝදා පැවැත්වේ. එදින පෙරවරු 10 ට බුද්ධ පූජාව, පස්වරු 6 ට 2552 කට අධික පද්ම පූජාව, 6.30 – 7.30 ගිලන්පස මල්, බෙහෙත් ද්‍රව්‍ය සහිත බුද්ධ පූජාව හා බෝධි පූජාව රාත්‍රී 7.30 – 8.30 ධර්ම දේශනය පූගොඩ ජිනසිරි හිමියන් විසින් පවත්වනු ලැබේ.

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]