UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සහස්‍ර පූජා සෙත් පැතීමේ පින්කම

11 දා අනුරාධපුරයේ දී

ජනාධිපතිතුමා ඇතුළු රජයටත්, ආරක්‍ෂක අංශවල සියලුම රණවිරුවන්ටත්, ලක්වාසී සැමටත් සෙත්පැතීම අරමුණු කරගෙන, ඓතිහාසික පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයට සම්බන්ධ ප්‍රදේශයේ විහාරස්ථාන පහක දායක පිරිස් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහශ්‍ර පූජා මහා පින්කම දසවැනි වරටත් අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ජනවාරි මස 11 දින පැවැත්වේ.

එදින උදේ වරුවේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රුවන්වැලි චෛත්‍යාරාම විහාරස්ථානයේ දී අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි අටපිරිකර සහිතව දානය පිරිනැමීම සිදු කෙරේ.

මෙදින පස්වරුවේ දී සිවුරු පිරිකර, කප්රුක් ඇතුළු පූජා භාණ්ඩ රැගත් පෙරහර ශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිට රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත ගමන්කර පූජා භාණ්ඩ එහිදී පූජා කිරීමෙන් අනතුරුව, ධර්ම දේශනයක් ද පැවැත් වේ.

එම අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන, මහනුවර මල්වතු මහා විහාරයීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අලුත්ගම ධම්මානන්ද යන නාහිමිවරුන් ඇතුළුව මහා සංඝරත්නය වැඩමකරවීමට නියමිතය.

ඓතිහාසික පඬුවස්නුවර රාජමහා විහාරාධිපති දේවමැදිහත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උහන්ගොඩ රතනසාර නාහිමියන් ප්‍රධාන විහාරස්ථ දායක පිරිස සහ සහශ්‍රාභිෂේක පුණ්‍ය පදනමේ ප්‍රධාන සංවිධායක ආරියවංශ කීර්තිසිංහ මහතා මෙම පින්කම සංවිධානය කරනු ලැබේ. වයඹ සරණ පදනම සහ ජයවර්ධනපුර ගුණ සමරු පදනම ඇතුළු සංවිධාන කිහිපයක් මෙම පින්කම සඳහා සහයෝගය ලබාදේ

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]