UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෙහි අත්තේ කිම අප රෝස යැයි කියන මල

කවර නමකින් ගත මිහිර සුවඳම පතුරයි

විසාකා දිසානායක

මේ දුටු සිටුතුමා “ නුඹලා මීට පෙර මගේ මේ මිතුරාගේ නම අප්‍රසන්න එකක් යැයි කියා ඔහු මේ මැදුරෙන් නෙරපන්නට යෝජනා කළා. ඒ බස් අසා මමද එසේ කළා නම් අද මගෙ වස්තුව සොරුන් විසින් පැහැර ගෙන ගොස් අවසන්... කෙනෙකුගේ නමට වඩා වටින්නේ ඔහුගේ ක්‍රියාවයි. සත්පුරුෂ පුද්ගලයෙකුගේ නමින් ඇති ඵලය කුමක්ද? යනුවෙන් පැවසීය.

පැන් බිඳකින් උගුර තෙමා ගත් මිනිසා මාවත අයිනේ සිසිල් ගස් සෙවණේ වාඩි වී ගිමන් නිවන්නට විය. ඔහුගේ පෙනුම දුක්ඛිතය... අසරණය.... ඔහු ගිය ගිය තැනින් ඇසුණේ නින්දා බස්ය... දඬු මුගුරු පහරය.... එහෙත් එසේ නින්දා බස් අසන්නට තරම්, දඬු මුගුරු පහර ලබන්නට තරම් වංක පෙනුමක් ඔහු තුළ තිබුණේ ද නැත. ඔහු මනා අධ්‍යාපනයක් ලද අයෙක් ද විය. එහෙත් ලද ශිල්ප වලට සරිලන ජීවිකා වෘත්තියක යෙදෙන්නට ඔහුට අවකාශයක් නොවිණි. එයට හේතුව...

හේතුව සිහිවන කල ඔහු තුළ ඔහු ගැනම කළකිරීමක් හට ගනී. කෝපයක් හට ගනී.

ජීවිකා වෘත්තියක් සොයා යන ගමනේ ඔහු ලද කටුක අත්දැකීම් බොහෝය. කර්මාන්තකරුවෝ පළමුව ඔහුගේ වත ගොත විචාරති.

“තොපගේ නම”

“කාලකණ්ණි”

එපමණකින්ම ඔහුට ඒ කර්මාන්තය නොලැබී යන්නේය. කවුරුන් හෝ අනුකම්පා කොට ලබා දෙන සුළු දෙයක් මිස යහපත් වැටුපක් ලැබෙන ජීවිකාවක් මෙතුවක් ඔහුට නොලැබුණි. ඒ නම ඇසූ පමණින් ඔහු කිසි තැනකට වැද්ද ගන්නේ් නැත.

“අනේ මගේ මවුපියන්ට... වෙන නමක් තිබුණෙම නැද්ද මට තියන්න....ඇත්ත තමයි... කාලකණ්ණි මෙහෙ වරෙන්... කාලකණ්ණි අර වැඩය කරපන්..... කාලකණ්ණි .....කාලකණ්ණි....අහන්න කවුරුවත් කැමති වෙයිද මේ නම...

ඔහු සිය නම නිසා දුක්වූ වාර අනන්තය. සමහරු ඔහුට සරදමට නම කියා සිනාසෙති.

හා කොහොමද? කාලකණ්ණි....කියා අසති. මේ නිසාම ඔහු සිත රිදුණු වාර බොහෝය.

‘ඒත් ඉතින් මොකක් කරන්නද? උපදින කොට දරුවෙකුට නමක් තැබීම මවුපියන් විසින් කරන දෙයක්. දැන හෝ නොදැන මගේ් මවුපියන් මට මේ නම දීලා තියෙනවා. මං ඒක පාවිච්චි කරන්න එපැයි...’ එසේ සිතා ඔහු වරෙක සිත හදා ගනී... එහෙත් ඔහුට ඇති ගැටලුව මේ සරදම් අවමානම නොවේ. නම නිසාම දුප්පත්ව දුකසේ හිඳීමට සිදුවීමයි. එමනිසා එක්තරා තීරණයකට එළැඹි හෙතෙම මෙසේ මහ මඟට බැස්සේ ඒ අනුවය.

“මගේ නම කාලකණ්ණි වුණාට මම පොඩි කාලෙ අනේපිඬුසිටාණන් සමග එකට කෙළි සෙල්ලම් කළා. ඒ කාලෙත් සිටාණන් මගේ නමට සරදම් කළෙත් නැහැ. මාව අහක දැමුවෙත් නැහැ. දැන් එතුමා මේ නගරයේ ඉතාම ප්‍රසිද්ධ දානපතියෙක්.... හැමදාම මෙහෙම දුක්විඳින්න බැහැ. මං එතුමා ළඟට යනවා”

කාලකණ්ණි දැන් මේ යන්නේ් ඒ ගමනය.... බොහෝ දුර ගෙවා අනේපිඬුසිටාණන් වෙත ගිය කාලකණ්ණි දුටු සිටුතුමා අතිශය සතුටට පත්විය.

‘අනේ... අනේ... ඔබට අපව මතක් වූ කල්.... මෙතුවක් කල් කොහේද ඔබ හිටියේ....’ සිටුතුමා ගේ සතුට හමුවේ සැනසුනු කාලකණ්ණි සිය දුක්ඛිත කතාව දැඩි වේදනාවකින් යුතුව කියා සිටියේ ය.

“කමක් නෑ.... ඔබ කොතැනින් නෙරැපුවත් මගේ් මැඳුරේ දොර ඔබට විවෘතයි. මං නෑ ඔය නම් ගැන තකන්නේ... ඔබ මෙහි රැෙඳන්න. මගේ මේ සියලු ධනය, වස්තුව පාලනය හා රැකවරණය අද පටන් ඔබට බාර කරනවා”

එතැන් පටන් සිටු ගෙදර වස්තුව පාලනය කාලකණ්ණිට බාර විය. එහෙත් බොහෝ දෙනෙකුට මෙය රිස්සුම් නොදෙන්නක් විය.

“ඇයි සිටුතුමනි... ඔය මිනිහගෙ නම කාලකණ්ණි නේද? නිතර නිතර කාලකණ්ණි.... කාලකණ්ණි කියලා අමතන කොට ඒක ඔබතුමාටත් හොඳ නැහැ නේද? ඔය මනුස්සයා තියා ගන්නනම් එපා. “මොහු වැලි කෙළියේ පටන් මගේ ඉතා හොඳ මිත්‍රයෙක්. ඔහු දුකට පත් වූ වෙලේ ඔහුව අත්හරින්න මට බැහැ. නාමය යනු ව්‍යවහාරයක් පමණයි. නමින් පමණක් මිනිසුන් හඳුනා ගැනීම වරදක්.... හඳුනාගත යුත්තේ ඔහුගේ් ගතිගුණයි....’

අනේපිඬු සිටුතුමා නොයෙක් රාජකාරි සඳහා නිතර නිවසින් බැහැරව යන්නෙකි. සමහර ගමන් වලදී දිනක්, දෙකක් සිටු මාලිගයට... ඒමට නොහැකි වේ. මෙවරද සිටුතුමා එසේ රාජකාරි ගමනක් ගියේ දින දෙක තුනකට සිටු නිවසේ ආරක්ෂාව ‘කාලකණ්ණිට’ බාර දෙමිනි. සිටුතුමා සහ පිරිවර මැදුරේ නොමැති බව දැනගත් නගරයේ සොරු කණ්ඩායමක් එදා රෑ සිටු මැදුර බිඳින්නට කතිකා කොට රෑ මැදියම වන විට සිටු මැදුර බිඳින්නට පැමිණියෝ ය. එහෙත් සිටු මැදුර බාර දී ගිය කාලකණ්ණිට නින්දක් නොවීය. මැදුරේ ආරක්ෂාව තමාට බාර දුන් සිටුතුමාට කළගුණ සැලකිය යුතුය. විශ්වාසය රැකගත යුතුය. එනිසා ඔහු මැදියම් රෑ වන විටත් නොනිදා අවදිව සිටියේ ය. මේ අතර අවි ආයුධත් රැගෙන පැමිණි සොරු මැදුර වට කළහ. නොනිදා කල්පනාවෙන් සිටි කාලකණ්ණිට ඒ බව දැනිණි. උපක්‍රමයකින් මැදුර රැකගන්නට සිතූ® ඔහු ඉතිරිව සිටි සේවකයින් කීප දෙනා අවදි කොට...

“නුඹ සක් පිඹිය යුතුයි....නුඹ බෙර වැයිය යුතුයි. නුඹ ගී ගැයිය යුතුයි යනුවෙන් උපදෙස් දී මොහොතකින් මැදුර තුළ රඟ මඬලක් මවා පෑවේය.... සක් පිඹින, බෙර වයන, ගී ගයන ශබ්දය නිසා මැදුර තුළ මහ පිරිසක් සිටින බව පිටතට දැනේ.....මෙයින් බියට පත් වූ සොරු....

“සිටුතුමා පිරිසත් සමඟ යන්නට ඇතැයි අප සිතුවා වැරැදිය. මෙහි මහ පිරිසක් ඉන්නවා. ඔවුන් හා සටන් කිරීමට අපට නොහැකියි...’ සිතා රැගෙන ආ ආයුධ ද එතැනම දමා පලා ගියහ. කාලකණ්ණි ගේ උපක්‍රමය නිසා එදා රෑ සිටු මැදුර ආරක්ෂා විණි. පසුදින සිටුතුමා ආපසු පැමිණි විට සිදු වූ සියල්ල දැන ගත්තේය. සොරු දමා ගිය ආයුධ දුටු සිටුතුමා සිදුවන්නට තිබූ විපත තේරුම් ගත්තේ ය. පෙර දිනවල කාලකණ්ණි අවමානයට ලක් කළ මිනිස්සු මේ සිද්ධිය දැක ඔහුට ප්‍රසංශා කරන්නට පටන් ගත්හ.... මේ දුටු සිටුතුමා

“ නුඹලා මීට පෙර මගේ මේ මිතුරාගේ නම අප්‍රසන්න එකක් යැයි කියා ඔහු මේ මැදුරෙන් නෙරපන්නට යෝජනා කළා. ඒ බස් අසා මමද එසේ කළා නම් අද මගෙ වස්තුව සොරුන් විසින් පැහැර ගෙන ගොස් අවසන්... කෙනෙකුගේ නමට වඩා වටින්නේ ඔහුගේ් ක්‍රියාවයි. සත්පුරුෂ පුද්ගලයෙකුගේ නමින් ඇති ඵලය කුමක්ද? යනුවෙන් පැවසීය. එතැන් සිට කිසිවෙකුගේවත් සරදමට අවමානයට ලක් නොවුණු කාලකණ්ණිට සිටු මැදුරේ ඉතා සැපවත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබිණි.

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]