[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

උතුම් නිවන් මඟ අවබෝධය සඳහා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, දෙවෙමෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො, අනත්ථසංහිතො, යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො එතෙතෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පෝ දිනක දී ගගන තලයේ පුන්සඳ බබළද්දී බරණැස ඉසිපතන මිගදාය වන උයනේ දී පස්වග මහණුන් වහන්සේ උදෙසා උතුම් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. “මහණෙනි, පැවිද්දා විසින් මෙම අන්ත දෙක සේවනය නොකළ යුතු ය. හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන්, අනාර්ය වූ, අනර්ථකර වූ, යම් ඒ කාම සුඛල්ලිකානුයෝගයක් වේ ද දුක් වූ, අනාර්ය වූ, අනර්ථකාරි වූ, යම් අත්තකිලමථානුයෝගයක් වේ ද මෙසේ මෙම අන්ත දෙකට ම නෙපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට සම්මා සම්බෝධිය අවබෝධ කරන ලදී. ඒ මේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා ඇස ඇති කරන්නේ ය. චතුරාර්ය සත්‍ය ධර්මය දැනීමේ ආර්ය ඥානය ලබා දෙන්නේ ය. කෙලෙස් සමනය කරන්නේ ය. සම්මා සම්බෝධිය අවබෝධ කරවන්නේ ය. නිවන පසක් කර දෙන්නේ ය. පින්වත්නි, මෙම දම්සක් පැවතුම් සූත්‍රයෙන් දැක්වෙන ප්‍රධාන කරුණු වන්නේ අන්ත දෙක, මධ්‍යම ප්‍රතිපදාව හා ද්වාදසාකාර තිපරිවට්ට චතුරාර්ය සත්‍ය ධර්මයයි.


බිනර අමාවක

 ‍ඔක්තෝබර් 01 අඟහරුවාදා
අ.භා. 09.42 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා.00.20 ගෙවේ. 02 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]