[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර බිම විසිපස් වසරක අභිමන

මෙරට වෙහෙර විහාර පූජා කිරීමේ සංස්කෘතියෙහි මෑත ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ වෙහෙර තුණුරුවන් අබියස පූජා කිරීම හැඳින්විය හැකි ය. චීනගහ කොටුන්න පාරේ පර්චස් දාහතරක කුඩා බිම් කොටසක් ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා නා හිමියන් වෙත (එවක සුමංගල පොඩි හාමුදුරුවන් වහන්සේ වෙත) පූජා කරනු ලබන්නේ වර්ෂ 1999 ඇසළ සඳ උදාවත් සමඟ ය. එම බිම් කොටසේ ඉදිවූ “සමාධි අසපුව“ නම් අරමෙහි එදා උන්වහන්සේ වස් සමාදන් ව වැඩ සිටියහ. මේ අතර දිනක් ආදාහන පූජෝත්සවයකට වැඩි උන්වහන්සේගේ කන වැකුණේ එම හිමි නම, තමන් වහන්සේට වැඩවාසය කිරීමට විහාරස්ථානයක් නොමැතිකම නිසා ඇති වූ සිත් කළකිරීම නිසා අපවත් වූ බවයි. එම ආදාහන පූජෝත්සවයට වැඩම කළ සෙසු මහා සංඝරත්නය එම අදහස දරන බව සුමංගල හිමියන්ට අවබෝධ විය. එක් වරම උන්වහන්සේ ගේ සිතට නැඟී ඇත්තේ තමන් වහන්සේටත් ආරාමයක් නොමැති නිසා තමන් වහන්සේත් යම් හෙයකින් අපවත් වුවහොත් තමන් වහන්සේ පිළිබඳවත් මේ අදහස ම සෙසු මහා සංඝයා දරන බවයි. බුද්ධ ශාසනයෙහි උතුම් පැවිදි බව ලබා සිත ගොඩනඟාගත් තමන් වහන්සේ පිළිබඳවත්, එවැනි අදහසක් පැවසුවහොත් එය බුද්ධ ශාසනයට ද නිගාවක් වනු ඇතැයි යන සිතුවිල්ලෙන් යුක්ත ව කාලය ගෙවෙන්නට විය.


බිනර අමාවක

 ‍ඔක්තෝබර් 01 අඟහරුවාදා
අ.භා. 09.42 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා.00.20 ගෙවේ. 02 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]