[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සංසාරගත බන්ධනයෙන් මිදීමේ මාර්ගයට පිවිසෙන්න

සහස්සම්පි චෙ ගාථා - අත්ත්‍ථපදසංහිතා එකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපස්මති තී, මේ සංසාරයේ සත්ත්වයා බැඳිලා ඉන්නේ, මේ සත්ත්වයාගේ බන්ධනය ගෙතිල තියෙන්නේ, සිතිවිලිවලින්. ඒ නිසා මේ බන්ධනයෙන් මිදීමට නම් සිතිවිල්ලේ ස්වභාවය, සිතිවිල්ල කොහොම ද කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත යුතු ව තිබෙනවා. ලෝකේ ඇතිතාක් දේ අපි හඳුනාගන්න උත්සාහ කරන්නේ සිතිවිල්ල මාර්ගයෙන්. නමුත් සිතිවිල්ල හඳුනාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී සංසාරයේ දුවන සත්ත්වයාට සිතිවිල්ල ගැන හිතන්න, හඳුුනාගන්න පහසු නෑ. අන්න ඒ ටික පෙන්නුම් කරලා දෙන්නයි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ වී වදාළේ. පින්වතුනි, කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තිබුණ කාලයේ භික්ෂූන් වහන්සේ හත් නමක් එකතුව ඔවුනොවුන් කතිකා කර ගත්තා, මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරිහානියට පත්වෙන කාලයයි. එනිසා මේ හත් නම බොහොම සංවේගයෙන් මේ ශාසනය විනාශ වෙන්න කලින් අපි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහ කරමු කියල කතිකා කර ගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට වන්දනා කළා. අවසාන වශයෙන් වනයට ඇතුළු වූ විට විශාල පර්වතයක්. ඊළඟට මේ පර්වතයට නඟින්න කලින් මේ හත්දෙනා ම කතිකාවක් ඇති කර ගත්තා. දැන් ඉතින් ජීවිත ආශාව ඇති අය ඉන්නව නම් නවතින්න. ජීවිත ආශාව අතහැර නිවන සඳහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එකතු වෙන්න කියලා. ඔන්න ඉණිමඟක් බැඳ අර මහා පර්වතයට නැග්ගා. ඉණිමඟ පෙරළා දැම්මා. දැන් ඉතින් ගල උඩ මේ ස්වාමින් වහන්සේ සංසාරයෙන් මිදීම සඳහා භාවනා කිරීමට පටන් ගත්තා. පසුදින පෙර පින මතු කරමින් ප්‍රධාන භික්ෂූන් වහන්සේ අභිඥා සහිත ව සියලු කෙලෙස් නසා උතුම් වූ රහත්භාවයට පත් වුණා. ඒ රහතන් වහන්සේ අහසින් පිණ්ඩපාතේ වැඩම කරල උතුරුකුරු දිවයිනේ යම්කිසි දානයක් ලබා ගන්න පුළුවන් ස්ථානයකට වැඩම කළා. පිණ්ඩපාතය ගෙන අනෙක් භික්ෂූන් වහන්සේට ආරාධනා කළා මේ පිණ්ඩපාත දානය වළඳන ලෙස.


නිකිණි අමාවක

සැප්තැම්බර් 02 සඳුදා
පූ.භා. 05.23 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භ. 07.27 ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]