[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා උත්තම සම්බුදු සසුන චිරස්ථායි කරනු පිණිස...

අසිරිමත් සම්බුදු ගුණ මහිමයෙන් හෙබි අප තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් පුරා අමාදම් දෙසා ලෝ සත සුවපත් කොට උපවර්තන සාල වන උද්‍යානයේ දී පිරිනිවන් පා වදාළ සේක. ශාසනභාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත්, සර්වඥ ධාතූන් වහන්සේටත් ශාස්තෘ ගෞරවයෙන් යුතු ව සියලු පුද සත්කාරයන් සිදු කරවූ සේක. එමෙන් ම අප බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වන්නට කැමැති වූ සේක. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට, සුගත් චීවරය පොරවන්නට දී, භාග්‍යවතුන් වහන්සේ හා සමානව ම ධ්‍යාන අභිඤ්ඤා සමාපත්තීන්ට සමවදින බව ප්‍රකාශ කොට කරන ලද මහා අනුග්‍රහය මහා කස්සපයන් වහන්සේ සිහි කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සුරකින්නට නවාංග ශාස්තෘ ශාසනය ධාරණය කොට වැඩ සිටින උතුම් අරහත්වය සේ ම සතර පටිසම්භිදා ආදී සියලු ශ්‍රමණ ගුණයන්ගෙන් සමූපේත වූ උතුම් රහතන් වහන්සේ හාරසිය අනූනවනමක් තෝරා ගත්හ. තවම අරහත්වයට පත් නොවූ ආනන්දයන් වහන්සේ තෝරා ගැනීමට ඉඩ තබා එසේ සිදු කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අංගසම්පූර්ණ ව, සිංහ තෙල් රන් බඳුනක බහා තබන්නා සේ, ගෞරවයෙන් මතකයේ දරා සිටි ආනන්දයන් වහන්සේත් ධර්ම සංගායනාවට තෝරා ගන්නා ලෙස රහතන් වහන්සේ ඉල්ලා සිටි හෙයින් උන්වහන්සේ ද තෝරා ගැනුණි. කුසිනාරානුවර දී තථාගත පරිනිර්වාණය වෙනුවෙන් සත් දවසක් ඉතා යහපත් පුණ්‍ය උත්සව ද, තවත් සත් දිනක් ධාතු පූජා මහෝත්සවයක් ද පැවැත්විණි. ඒ අඩ මස ඇවෑමෙන්, ලෝ වැසියන් කෙරෙහි මහත් අනුකම්පා ඇති ඒ මහා කස්සප තෙරුන් ප්‍රධාන මහරහත් මුනිවරුන් ධර්ම සංගායනාව පිණිස රජගහ නුවරට වැඩම වීමට සූදානම් ව සියලු සඟ පිරිසට මෙසේ දැනුම් දුන්හ.


නිකිණි අමාවක

සැප්තැම්බර් 02 සඳුදා
පූ.භා. 05.23 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භ. 07.27 ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]