ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නිකිණි අව අටවක පෝදා 2024 අගෝස්තු 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කෙනකුගේ මරණය කෙසේ කොයි ලෙස සිදුවේදැ යි කිසිවෙක් නොදනී. එබැවින් නිතර ම සත්‍යය ම දැන ගත යුතු ය. ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ නම් සංසාර ගමන කොතරම් භයංකාර ද යන්න නොවලහා වැටහේ. එවිට මෙම මනුෂ්‍ය වර්ගයා ගේ දොර, වතුපිටි, මුදල්, බලය ආදී දේවලට ඇති තදබල තණ්හාව ටික ටික හෝ අතහරින්නට ක්‍රියාත්මක වේ. එවිට ඔවුන්ට මොහොතකට හෝ සත්‍ය වැටහේ. එම දිනය අද අද යැයි සිතුවහොත්, නොවලහා බුදුන් වහන්සේගේ දේශනාව අනුව මෙම සිහිනුවණ පිහිටා ඇති මනුෂ්‍යයා ට ධර්මය අවබෝධ කරගත හැකි ය.
අප ගන්නා මේ හුස්ම පවා පවතින්නේ මොහොතක් පමණයි. ඉහළට ගත් හුස්ම පොද පහළට නොවැටී නතර වේ ද යන්න නොදනී. නිතරම මේ මොහොත ගැනම මෙනෙහි කරමින් මේ ආත්ම භාවයේ දී ම, මෙම මොහොතේ දී ම ධර්මය අවබෝධ කර ගැනීමට වෙහෙසිය යුතු වේ. තිසරණ සරණ හැර අන් සරණක් අපට නොමැත.
අයි.ඩී. නන්දාවතී ගම්පහ
අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ. 26 සඳුදා සිල්
අව අටවක
අගෝස්තු 26
අමාවක
සැප්තැම්බර් 02
පුර අටවක
සැප්තැම්බර් 11
පසළොස්වක
සැප්තැම්බර් 17
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]