[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සුගති ලොව රැකවරණ ලබන්නට දිවිහිමියෙන් තෙරුවන් සරණ යමු

දෙවියන්, මරුන්, බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලී සතුන් එක ම කටුවක සිර වී සිටින්නෝ ය. ඒ කටුව වූ කලි ‘අවිද්‍යාව‘ යි. තීක්ෂණ ප්‍රඥාව නම් වූ නිය සිළෙන් අවිද්‍යා කටුව සිඳගෙන, විද්‍යාව පහළ කර ගත්තේ අපගේ පරමෝත්තම ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ මහෝත්තමායාණෝ අවිද්‍යා කටුව සිඳලූ නිසාවෙන්, ඒ කටුව ගැනත් මනාව දන්නා සේක. ඒ කටුව සිඳිනා අයුරුත් මනාව දන්නා සේක. කටුව සිඳලූ පසු උදාවන ආලෝකය ගැනත් දන්නා සේක. ඒ පුළුල් අවබෝධය සහිත ව අපගේ සම්බුදු රජාණන් වහන්සේ අන්ත අසරණ ව සසර ගමනක පැටලුණු ලෝ සතුන් හට උතුම් පිළිසරණ දායාද කළ සේක. ඒ පිළිසරණ නම් උතුම් බුද්ධ රත්නයේ සරණ ය. අමෘතයක් බඳු වූ ධර්ම රත්නයේ සරණ ය. අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝරත්නයේ සරණ ය. සියලු දුක් නැසීමටත්, ක්ෂේම වූ නිවන අත්දැකීමටත්, උතුම් ම සරණ වූ තෙරුවන් සරණේ පිහිටීමටත් පරිපූර්ණ මඟපෙන්වීම කරන හෙයින් අප බුදුරජාණන් වහන්සේ සත්ථා හෙවත් ශාස්තෘ වන සේක. එසේ කරන ඒ මඟ පෙන්වීම නුවණැති දෙවියන්හටත්, නුවණැති මිනිසුන්හටත් ජීවිතාවබෝධය කිරීමට හේතු වන නිසා උන්වහන්සේ දෙවිමිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ නොහොත් සත්තා දේවමනුස්සානං වන සේක. ක්ලේෂ වසඟ ව සිට සම්බුදු රජාණන් වහන්සේගේ සරණ ලබා ජීවිත සුවපත් කර ගත් නුවණැති මිනිසුන් ගැන අප කොතෙකුත් අසා ඇත. මේ මනුලොවට වඩා අතිශයින් ම උසස් කාම සම්පත් විඳින දෙවියන් ද ඒ කාමයන්ට වසඟ ව ප්‍රමාදී ව සිට අසරණ වු කල්හී ඔවුනට ද එක ම පිළිසරණ වූයේ අපගේ සම්බුදුරජාණෝ ම ය. තව්තිසා දෙව්භවනේ නන්දන උයනේ පරසතු රුක එකල මල් පිපී බොහෝ මලින් ගැවසි ගත් කාලය යි. දෙව්ලොව දෙවියන් හට පරසතු රුකේ මල් පිපුණු සමය විශේෂ සැණකෙළි සමයකි. සුබ්‍රහ්ම නම් දිව්‍ය පුත්‍රයා තම පරිවාර පන්සියයක් දිව්‍ය අප්සරාවියන් පිරිවරා ගෙන මේ නන්දන වනයට පිවිසියේ ය. ඔවුහු බොහෝ වේලා වනයේ සතුටු වෙමින් සිටියෝ ය. එහෙත් එක්වර ම පන්සියයක් අප්සරාවියෝ නො පෙනී ගියෝ ය. මහත් තැති ගැන්මට පත් සුබ්‍රහ්ම දෙව්පුතු තම පි‍්‍රයමනාප අප්සරාවියන් උපන් ස්ථානය විමසන්නට විය. අහෝ! ඈලා සියලු දෙනා නිරයේ උපත ලබා සිටී.


නිකිණි අව අටවක

අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]