[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කෙරෙන “බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යය 2024” විවිධාංග රාශියකින් යුක්තව මෙම මස 23, 24, 25, 26 යන දිනවල දී දහසයවැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

පොහොය දින උදෑසන සිට ශීල සමාදානය, ධර්ම දේශනා, භාවනා වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති පූජාමය පින්කම් පැවැත්වෙන අතර සර්වඥ ධාතු ප්‍රදර්ශනය, දාර්ශනික පහන් කූඩු, වෙසක් තොරණ, දන්සල්, නූර්ති හා බෞද්ධ ජාතක කතා ඇතුළත් වීදි නාට්‍ය, ටවර්හෝල්, නූර්ති ගී හා ළමයින්ට වෙසක් වැඩසටහන් අතර වේ.

ප්‍රධාන වේදිකාව මත දිනපතා රාත්‍රී 7.00 සිට 2.30 දක්වා ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික තරුණ සේවා සභාව, සංස්කෘතික අමාත්‍යාංශය විසින් සංස්කෘතික නර්තන ප්‍රසංග ඉදිරිපත් කෙරේ.

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ බොදු බැති ගී සංදර්ශනයක් මෙන්ම දර්ශනීය තොරණ හා බත් දන්සලක් පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැත්වෙන ජාතියේ ප්‍රෞඪත්වය, සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් විදහා දැක්වෙන ප්‍රදර්ශනය තවත් ආකර්ෂණීය අංගයන් ය.

පාසල් ළමුන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ හා විදේශ තානාපති කාර්යාල මඟින් ඉදිරිපත් කරන නිර්මාණ ඇතුªළත් විශේෂ ප්‍රදර්ශන කලාපයක් ද පැවැත්වේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]