[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහා විහාරවංශික උපසම්පදා පුණ්‍ය මහොත්සවය

මහා විහාරවංශික උපසම්පදා පුණ්‍ය මහොත්සවය

වර්තමාන සම්බුද්ධ ශාසනයෙහි මූලස්ථාන වන මහනුවර මල්වතු මහා විහාරයේ හා අස්ගිරි මහා විහාරයෙහි වාර්ෂික ව පවත්වනු ලබන සම්බුද්ධ ශාසනයේ පවත්නා ශ්‍රේෂ්ඨතම මහා විනය කර්මය වනඋපසම්පදා මහා පුණ්‍යොත්සවය 271 වැනි වරටත් මහනුවර මල්වතු මහා විහාරයේ දී හා අස්ගිරි මහා විහාරයේ දී වෙසක් පුර පසළොස්වක පොහෝ දින පටන් ගෙන ජුනි මස 21 වැනි දිනට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක් පොහෝ දින දින තෙක් සිදු කිරීමට අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ පරම පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවත්, අතිගෞරවාර්‍හ වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ පරම පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවත් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්ට ඇතුළත් මහා සංඝරත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිව ය.

අනුරාධපුරයේ මහා විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීල යැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත.

බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය සමඟ ම බෝධිමූලයේ සිදු වූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්ෂ තිස් හයක් ශික්ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය පළමුවැනි වෙයි. ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත ශීලය යන ශීල හතර අධි ශීල වෙයි. පංච ශීලය, අටසීලය, ආජීව අට්ඨමක ශීලය, සාමණේර ශීල යන හැමට ම වඩා මේ චතුර්විධ ශීලය අධිශීලයයි. මෙම අධි ශීලය ලැබීම උපසම්පදා ශීලයයි.

දම්සක් පැවැතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමති බව කියා සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එව මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව” යන්නයි. එම වාක්‍යය අවසාන වෙත් ම හෙතෙම සෘද්ධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි.

සම්බුදු බව ලැබූ මුල් කාලයෙහි බොහෝ දෙන මහණකම හා උපසම්පදාව ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන්පටන් උපසම්පදා වන ක්‍රම 8ක් මුල්කොට උපසම්පදාව ලබා ඇති අතර, ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව, රාධ බ්‍රාහ්මණයා මුල්කොට

උපසම්පදා කිරීම අනුදැන වදාළෙන් පසුව එතැන් සිට සරණාගමන ආදී උපසම්පදා ප්‍රතික්ෂේප කොට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වා ම පවත්නේ එම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි.

මෙම ලිපියේ සවිස්තරාත්මක තොරතුරු වෙසක් අව අටවක පෝදා අන්තර්ජාල කලාපයේ පළවේ

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]