[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී බු.ව. 2568 වැනි රාජ්‍ය වෙසක් පුණ්‍ය මහොත්සවය

ශ්‍රී බු.ව. 2568 වැනි රාජ්‍ය වෙසක් පුණ්‍ය මහොත්සවය

තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් හා ආශීර්වාදයෙන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ද සහාය ඇතිව ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය, උකුවෙල අනුරුද අරණ ඇතුළු විහාරස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් මහොත්සවයේ විශේෂත්වය බෞද්ධ ජනතාව පමණක් නොව හින්දු ඉස්ලාම්, කතෝලික ආගමිකයන් ද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ද සහාය ඇතිව මේ වෙසක් මහෝත්සවය සිදු කිරීමයි. එහිදී සියලු ආගමිකයන් එක්ව එක ම වේදිකාවක දී භක්ති ගීත ගායනයට එක් වීම ද සුවිශේෂී ය.

මේ සඳහා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය, අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේ, දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ මාතලේ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශ ලබා දෙන සහාය ද අතිශය අගය කළ යුතු වේ.

රාජ්‍ය වෙසක් සැමරුමට සමගාමී ව මාතලේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් හා දහම් පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම හා උපකරණ ලබා දීම වෙනුවෙන් රු. ලක්ෂ 300ක මුදලක් රජය මඟින් ලබා දී ඇත.

මැයි 21 - සංස්කෘතික වැඩසටහන්,

මැයි 22 - පරිසර සංරක්ෂණ වැඩසටහන්

මැයි 23 - සීල සමාදාන වැඩසටහන්

මැයි 24- සාරධර්ම ප්‍රවර්ධන හා ආගමික සහජීවන වැඩසටහන්

මැයි 25- සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ වැඩසටහන්

මැයි 26- ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්

මැයි 27 - භික්ෂු, සිල්මාතා පුහුණ වැඩසටහන් වශයෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ වැඩසටහන් සංවිධානය සිදුකිරීමට කටයුතු කර ඇත.

සෝමරත්න විදාන පතිරණ

ලේකම් - බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]