[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුක් සුසුම් ඇයි ?

දුක් සුසුම් ඇයි ?

අද සමාජයේ තමන්ට ආදරය කරන අය හුඟක් අඩුයි. තමන්ට තමන් හතුරුකම් කරන පිරිස දිනෙන් දින වැඩි වෙනවා. තමන්ට කතා කරන්න තිබෙන හැකියාව යොදා ගෙන බොරු කේළාම්, හිස් වචන, පරුෂ වචන කතා කරනවා නම් ඔහු තමන්ට ම සතුරුකම් කර ගෙන. තමන්ගේ සිතින් අධික ද්වේශය පුරුදු කරද්දී තමා තමාට ම සතුරු වෙලා. අන්සතු දේට ලෝභ කරද්දී තමාට ම තමන් සතුරු වෙලා.

මේ සතුරුකම් ජීවිතේ තිබුණොත් යම් දවසක් ඒ හේතුවෙන් අඬන්න වෙනවා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැවත හැරී බලද්දී ඇස්වලට කඳුළක් එන්නේ නැති, සිතට දුක් සුසුම් වේදනා එන්නේ නැති, ජීවිතයක් උපදවා ගන්න කියා. තමන් කරපු, කියපු, හිතපු දේ පිළිබඳ පී‍්‍රතිමත් මනසකින් සිතන්නට පුළුවන් නම්, එබඳු ජීවිතය සැපයි. සැනසීමක් ගෙන දෙනවා. එනිසා වෙහෙසකාරී ජීවිතයක් ගත කරන්න එපා. තමන් තමාට ආදරේ නම් කවදාවත් වෙහෙසකාරී පීඩාවක්, පසුතැවීමක් තමන්ගේ ජීවිතයට ගෙන දෙන්නේ නැහැ.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]