[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහා යුග මෙහෙවරක සුසමාදර්ශය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ

මහා යුග මෙහෙවරක සුසමාදර්ශය

පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදි සිවු කෝරලයේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදර්ශවත් යුග මෙහෙවර රටට, සමාජයට සසුනට, අධ්‍යාපනයට බලවත් ආශීර්වාදයකි.

අත්තනගල්ල රාජමහා විහාරය ප්‍රධාන එම විහාර ගණයෙහි විහාරාරාම අංගසම්පූර්ණ කරමින් අත්තනගල්ල පතිරාජ පිරිවෙන උන්වහන්සේ යළි ආරම්භ කළහ.

වතුපිටිවල රෝහලේ අභිවෘද්ධිය සඳහා ඇඳන් 68කින් යුත් ළදරු වාට්ටුවක්, භික්ෂු වාට්ටුවක්, සිල්මාතාවන් උදෙසා වාට්ටුවක් ද ඉදිකරවා දුන්හ. එමෙන් ම රෝහලට සහ රෝගීන්ට අවශ්‍ය විවිධ වෛද්‍ය උපකරණ, ඖෂධ ලබාදීම ද සිදු කරති. අත්තනගල්ල සමුපකාර රෝහලට ගිලන් රථයක් ද, කොළඹ මහ රෝහලට ගිලන් රථ දෙකක් ද පිරිනැමූහ. මහනුවර රෝහලේ භික්ෂු වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම ද, නව බුදු මැදුරක් එහි ඉදිකිරීම ද උන්වහන්සේ විසින් සිදු කරන ලදි.

අප රට විවිධ ස්වභාවික විපත්වලට මුහුණ දුන් සෑම අවස්ථාවකදී ම උන්වහන්සේ ජාති ආගම් භේදවලින් තොරව සියලු දෙනාට පිහිට වූහ.

ඌරාපොළ මීවිටිගම්මන ප්‍රදේශයේ පර්චස් 110ක ඉඩමක් නිවාස ඉදිකර ගැනීම සඳහා රණවිරු පවුල් 10ක් වෙත පිරිනමන ලදී. කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේ ආර්ථික අපහසුතාවලින් යුත් පවුල් 12කට නව නිවාස ඉදිකර දුන්හ.

පිරිවෙන් රැසකට පරිගණක යන්ත්‍ර පිරිනැමූහ. “පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ශිෂ්‍යත්වය” නමින් සෑම මසක ම ප්‍රාථමික, ද්විතියීක හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියුතු සිසුන් 1260දෙනකු සඳහා මුදලින් ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

ඌරාපොළ මහා විද්‍යාලයේ පුස්තකාලය ද, ඌරාපොළ පුස්තකාලය ද, අත්තනගල්ල රාජ මහා විහාරස්ථ දෙමහල් මහජන පුස්තකාලය ද තනවා පිරිනමන ලදි.

ගම්පහ ඇතුළු දිසා කිහිපයක පාසල් 33ක පමණ මහල්, දෙමහල්, තෙමහල් පාසල් ගොඩනැඟිලි ඉදිකර සිසු අයිතියට පවරා දී ඇත. දහම් පාසල් ගොඩනැඟිලි සහ පිරිවෙන් ගොඩනැඟිලි රැසක් ද ඉදිකරවා ඇත.

නිකායත්‍රයේ ම මහත් ගෞරවයට, ප්‍රශංසාවට ලක්ව වැඩ සිටින පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදර්ශවත්, උදාර ලෝක ශාසනික මෙහෙවර අගයා මියන්මාර්හි රැන්ගුන් නගරයේ දී නොබෝ දා පැවැති රාජ්‍ය උත්සවයක දී අග්ග මහා පණ්ඩිත උපාධිය උන්වහන්සේ වෙත පිරිනමා ඇත.

ඒ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිරිනැමීමේ මහෝත්සවයක් පසුගියදා (18)කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

එදින උන්වහන්සේගේ පැවිදි දිවියේ 65 වැනි සංවත්සර දිනය ද විය. තව තවත් ලෝ සසුන් වැඩ වඩන්නට පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]