[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කාටත් පොදු වූ ලෝක ධර්මතා

කර්මය ස්වකීය කොට ගැනීම, උපත් කොට ගැනීම, ඥාති කොට ගැනීම, දායාද කොට ගැනීම, පිළිසරණ කොට ගැනීම, සෑම සත්වයකුට ම පොදුවේ සිදුවන ධර්මතාවකි. මේ ලෝකයේ බොහෝ දේ සෑම කෙනකුට පොදුවේ එක සමාන අයුරින් බල නො පානු ඇත. උගත් - නූගත්, දුප්පත් - පොහොසත්, කුලවත් - කුලීන, ධනවත් - දුප්පත් අආදී සෑම අංශයක ම ජීවත් වන්නවුන්ට එක සමාන අයුරින් බලපාන්නා වූ ධර්මතා පහක් අඞනිඞ පංචක නිපාතයේ දෙවන පණ්ණාසයට අයත් ඨාන සූත්‍රය තුළින් බුදුරදුන් පෙන්වා දී ඇත. එම ධර්මතා අද යුගයට වුව ද ඉතා වැදගත් වන අතර, ඒවා පිළිබඳ නො සිතීම තුළින් අද සමාජය තුළ විවිධ ප්‍රශ්න ගැටලු පැන නැඟීමට හේතුවක් වී ඇත. එම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජීවිතය පිළිබඳ මොහොතක් පාසා සිතිය යුතු ආකාරයත්, එය භාවනාවක් කොට ජීවත් වන ආකාරයත් පිළිබඳව යි. මහණෙනි, මෙම කරුණු පස ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය. කවර කරුණු පසෙක් ද යත්. මෙහිදී බුදුහිමි සමාජයේ ජීවත්වන සියලුම දෙනා හසුවන සේ එම ප්‍රකාශය කොට ඇත. ස්ත්‍රීන්, පුරුෂයින්, ගිහියන්, පැවිද්දන් යන සමාජයේ ඇති ප්‍රධාන කොටස් දෙක වන ගිහි පැවිදි දෙපක්ෂය ම කැටිකොට සෑම සත්වයකුට ම පොදු වූ ධර්මතා හා එම ධර්මතා තුළින් පැන යෑමට නොහැකි ආකාරය මනාව දේශනා කොට ඇත. එම කරුණු එකින් එක ගෙන හැර දැක්වීමේ දී ඒ බව මනාව පැහැදිලි වනු ඇත. ජරාධම්මෝම්හි ජරං අනතීතෝති මම දිරන ස්වභාවය ඇත්තේ වෙමි. ජරාව නොඉක්ම වූයේ වෙමි. ව්‍යාධිධම්මෝම්හි ව්‍යාධිං අනතීතෝති මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නොයික්ම වූයෙමි. මරණ ධම්මෝම්හි මරණං අනතීතොති මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි


ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]