[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

බුදුපියාණන් වහන්සේ මැණික් මණ්ඩපයේ වැඩ සිටිමින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්බර පින් බිම

සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලංකා ද්වීපයට වැඩම කොට මේ බිම පුණ්‍ය භූමියක් කළ බව මහා වංශයේ සඳහන්ය. ඒ අනුව සම්මා සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු මහානාග උයනේ යක්ෂයින් දමනය කිරීම සඳහා උන්වහන්සේ ලංකා ද්වීපයට වැඩි සේක. එදා මහානාග උයනේ රැස්ව සිටි පිරිස අතර, කැලණියේ මණිඅක්ඛිත නා රජු ද විය. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අසා මණිඅක්ඛිත නා රජු සරණ සීලයේ පිහිටි බව ද සඳහන් වේ. සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු විය. ඒ චූලෝදර සහ මහෝදර නා රජු අතර ඇති වූ මිණිපළඟක් අරභයා ඇති වූ අරගලය සමථයට පත් කිරීම සඳහා ය. එම අවස්ථාවේ දී ද, බුදුරජාණන් වහන්සේට සිය රාජධානිය වූ කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජු ආරාධනා කොට සිටියේ ය. බුදුරජාණන් වහන්සේ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාව පිළිගත්ත ද නා රජු සිතූ තරම් ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම සිදු නොවීය. ඒ නිසාම මණි අක්ඛිත නා රජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක තම ආරාධනය නැවතත් සිහිපත් කරමින් ආරාධනා කළේ ය. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී කැලණි නදියෙන් ජලස්නානය ද සිදු කොට ඇත. උන්වහන්සේ ජලස්නානය කරන අවස්ථාවේ දී මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණි ගඟෙහි ද ශ්‍රී පාද ලාංඡනයක් පිහිට වූ බව ඉතිහාසයේ සඳහන් ය. ජලස්නානයෙන් පසු සම්බුදුරජාණන් වහන්සේ මහ රහතන් වහන්සේ සමඟින් දන් වළඳා මණිඅක්ඛිත නා රජු ඇතුළු දෙවි මිනිසුන්ට ධර්මය දේශනා කොට ධර්මාවබෝධය ලබා දී ඇත්තේ වර්තමානයේ සෑ රදුන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ මැණික් මණ්ඩපයක මැණික් ආසනයක් මත වැඩ සිටිමින් බව සඳහන් වේ.


ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]