ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් පුර අටවක පෝදා 2023 නොවැම්බර් 20 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අරුප්පල ඇඹල රාජමහා විහාරයේ සාමණේරයන් වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
නොවැම්බර් 20 සඳුදා පූ.භා. 05.23 න් පුර අටවක ලබා 21 අඟහරුවාදා පූ.භා. 03.18 න් ගෙවේ. 20 සඳුදා සිල්
පුර අටවක
නොවැම්බර් 20
පසළොස්වක
නොවැම්බර් 26
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර අටක් ගතවීම නිමිත්තෙන් උන්වහන්සේ විසින් සංවර්ධනය කරන ලද අනුරාධපුර, ඔයාමඩුව, ඇලපත්ගම ගම්මානය වර්තමානයේ “ශ්‍රී සෝභිත නාහිමි ගම්මානය” ලෙස නම් කර ඇති අතර, එම ගම්මානයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඉදි කෙරෙමින් පවතින නිවාස 150ක් අතුරින් ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකර අවසන් වූ නිවාස 7ක් සංකේතාත්මක ව ගම්වැසියන් වෙත භාරදීමත්, විහාරස්ථානයේ සංඝාවාසය සහ පුස්තකාලය විවෘත කිරීමත් පසුගිය දින සිදු කෙරිණ. මෙම අවස්ථාවට තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමිපාණන් වහන්සේ, අලව්වේ ගුණරතන හිමිපාණන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නය ද හිටපු කථානායක කරු ජයසූරිය මහතා, ඉන්දියානු මහ කොමසාරිස්වරයා නියෝජනය කරමින් එල්ඩර්ස් මැතිව් මහතා ඇතුළු විදෙස් නියෝජිතයන් ද , මහාචාර්ය සරත් විජේසූරිය මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
නිවනට සිල් අවශ්‍ය නැති බව කෙනෙක් කියති. බුදු රජාණන් වහන්සේ එදා තිබුණ බමුණු සමාජයේ වූ ධර්ම කරුණු ඒ අයුරින්ම දේශනා කොට ඇති බව සමහරු කියති. බොහෝ අය ඒ නිසාම දුස්ශීලව කටයුතු කරති. සැම දිනකම අප දකින්නේ මහා අපරාධයි. මරණවල ඇත්තේ දැඩි වෛරී බවකි. ඝාතන කර අතපය, බෙල්ල කපා වෙන් කර ඒවා එක් තැනක නොව තුන් තැනක දමයි. හොරකම් වංචා සිදු කරයි. ස්තී‍්‍ර දූෂණ, ළමයින්ට සිදු කරන කෲරකම් දක්නට ලැබෙයි. දිනකට අප දකින ප්‍රවෘත්ති තුළ බහුලව දක්නට ඇත්තේ මේ අපරාධයි. සීලය අවශ්‍ය නැත කීවා සේ ම මෙලොවක් නැත. පරලොවක් නැත. දිව්‍යලෝක නැත. අපාය නැත.පින් නැත, පව් නැත. ඔය අපාය දිව්‍යලෝකය ඇත්තේත් මේ මිනිස් ලොව ම බව කියන මේ මිථ්‍යා දෘෂ්ටික ධර්මය දැක්ම අපරාධවල මුල වේ. දේවදූත සූත්‍රයේ දී පුද්ගලයා පවින් වළකින හේතු ටිකක් වෙයි. ඒ එක් හේතුවක් නම් අපායගාමී ව විඳින දුක් ගැන දැනීමයි. මේ දුකට අකැමැති පුද්ගලයා පවින් වළකියි. දිව්‍යලෝක සැපට කැමති පුද්ගලයා පින්වල නිරත වෙයි. දිව්‍ය ලෝක තතු විමානවත්තු දේශනා තුළින් දැන ගනියි. මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ සම්මා දිට්ඨි සූත්‍රයේ අකුසලය ගැන දැකීම, අකුසල් ඇතිවෙන මුල් ගැන දැකීම, කුසලය දැකීම, කුසල් මුල් දැකීම සම්‍යදෘෂ්ටියක්, යහපත් දැක්මක් ලෙස දක්වයි. සතුන් මැරීම,සොරකම් කිරීම,වැරැදි කාම සේවනය, බොරු කීම, කේළම් කීම, පරුෂ වචන කීම,හිස් වචන කීම,අනුන් සතු දේ තමන්ට අත් කර ගැනීමේ ලෝභි බව, තරහ ඇති කර ගැනීම, මිථ්‍යා දෘෂ්ටිය අකුසල් බව කියයි.
ඉමානී භික්ඛවේ අනුත්තරීයානී, කතමානීච, දස්සණනුත්තරීයන්තී, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් තික නිපාතයේ අනුත්තරණීය ධර්මයන් හයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්වතුනි, මේ සංසාරයේ එන ගමන අතිශයින් ම බිහිසුණු ගමනක්. මේ ගෙවූ අතීතය අපට හිතාගන්න බැරි තරම් දීර්ඝ ගමනක්. ඒ වගේම අපිට හිතාගන්න බැරි තරම් මහත් වූ දුක්ඛ දෝමනස්සයන්ට බඳුන් වෙච්ච ගමනක් තමයි අපි අතීතයෙත් ගත කරලා තියෙන්නේ. එය භාග්‍යවතුන් වහන්සේ අපිට ඉතා හොඳින් පැහැදිලි කළා. මේ ගමන මෙන්න මේ වගේ දුක් සහිත වූවක් බව. අතිශය දුක්ඛදායි සසරක ගමන් කරමින් අපි මේ තැනට අද පත් වෙලා තියෙන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගෙන සුගතියේ හිටියට දුකකින් තමයි අපි ජීවත් වන්නේ. දරුවෙක් ඉපදුනායින් පස්සේ මේ ලෝකයේ ඉන්න කවුරුවත් තේරුම් ගත්තේ නැහැ, අනේ මේ දරුවා වයසට යනවා. ලෙඩ වෙනවා නේ ද කියලා. මේ දරුවා මරණයට පත් වෙනවා නේද කියලා කවුරුවත් තේරුම් ගත්තේ නැහැ. ඔය දරුවා ටික ටික වැඩිලා ඊට පස්සේ එක එක ශ්‍රේණියෙන් ශ්‍රේණියට පාසලේ ඉහළට යනවා. අපිට හරි සතුටුයි. ඇයි අපි මේකෙ යථාර්ථය තේරුම් අරගෙන නැහැ. මේ දරුවා ටික ටික ජරාවට පත්වෙන එකයි මේ සිදුවෙවී සිදුවෙවී යන්නේ. අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ළමයා වැඩෙනවා කියලා. නමුත් මේ පුංචියට ඉපදුණ ළමයා ජරාවටයි පත්වෙන්නේ කියන එක තේරෙන්නේ ධර්මය හොඳට ප්‍රගුණ කරලා තියෙන කෙනකුට.
දීමෙන් ලැබීම සිදු වේ. ඔන්චිල්ලාවක් පැද්ද වූ කල ඊටත් වඩා වේගයෙන් තමා කරා එන්නාක් මෙන් දන්දීමේ ප්‍රතිඵල ද සාංදෘෂ්ඨික වශයෙනුත්, පාරලෞකික වශයෙනුත් තමා කරා එනු ඇත. එය වැළැක්වීමට කිසිවකුටත් නොහැකි ය. බුදු සසුනේ අග්‍රශ්‍රාවකයින් අතර සීවලී මහ රහතන් වහන්සේ, නාගිත මහ රහතන් වහන්සේ ආදී චරිත කතා තුළින් ඒ බව ප්‍රකට වේ. දීමෙහි විරුද්ධ පදය වන්නේ නොදීම යන්නයි. සිවුපසය නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන්නයි. එය ගිහි සමාජයට එන කල්හි ඇඳුම් – පැලඳුම්, ආහාර – පාන, ගෙවල් – දොරවල්, බේත් – හේත් යනුවෙන් නම්වල වෙනසක් ඇති වේ. නමුදු භාවිතයේ හා සැකසුමේ සුළු වෙනස්කම් ඇති වුව ද අවශ්‍යතා එක මට්ටමින් පවතිනු ඇත. එම අවශ්‍යතා හතරෙන් ම ප්‍රධාන අවශ්‍යතාව ලෙස ආහාරය නම් කිරීමට පුළුවන. “ඒක නාම කිං – සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් සියලු සත්වයින්ට ආහාරය ම මුල් වේ. ප්‍රධාන වේ. යනුවෙන් අර්ථවත් වේ. ආහාර වුව ද ලැබෙන්නේ සසර දුන් පිළිවෙළට හා දුන් ප්‍රමාණයට ය. ඒ අනුව නොදීම පිළිබඳ නොයෙක් කතා පුවත් ද ඒ නොදීම හේතුවෙන් එම චරිතවලට අත් වූ ඉරණම පිළිබඳව ද සඳහන් වේ. බුදුරදුන් කල බොහෝ ධන සම්පත් තිබූ අය සිටි අතර, සමහරු ශ්‍රද්ධාවෙන් දන් දී සගමොක් ලැබුවත් සමහරු නොදී, නොකා නොබී දුක්ඛිත ආත්ම ද ලැබූහ. විශාඛා, කෝසල මල්ලිකා, අනේපිඬු සිටු වැනි චරිත තුළ තිබුණේ අසීමිත ශ්‍රද්ධාවක් හා පරිත්‍යාග චේතනාව ය.
පුරාණ සත්බුදු මහා විහාරයේ අසිරිමත් කඨින මහා පින්කම
මොනරාගල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ඔසු උයනක්
ඉතිරිය»
තීරණාත්මක මොහොත වැරදුණොත්මොන දේ කළත් පලක් නෑ
ධර්මය වටහා ගන්න තමන් ගැන තේරුම් ගන්න
බුදුරජාණන් වහන්සේ දෙසූ ගිහි සැප
ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්: ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්
දෙව්ලොව විවිධත්වය මිනිස් ලොවට සමාන ද?
ඔබට හැකි නම්...
පහන් සිතක කවි
මම මල සහ ලෝකය
පින්බර නාගදීපයේ අසිරිමත් ඉතිහාසයෙන් ...
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]