[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ගින්නෙන් දැවෙන ජීවිතයට සිසිල් දිය දෝතක්

ඉමානී භික්ඛවේ අනුත්තරීයානී, කතමානීච, දස්සණනුත්තරීයන්තී, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් තික නිපාතයේ අනුත්තරණීය ධර්මයන් හයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්වතුනි, මේ සංසාරයේ එන ගමන අතිශයින් ම බිහිසුණු ගමනක්. මේ ගෙවූ අතීතය අපට හිතාගන්න බැරි තරම් දීර්ඝ ගමනක්. ඒ වගේම අපිට හිතාගන්න බැරි තරම් මහත් වූ දුක්ඛ දෝමනස්සයන්ට බඳුන් වෙච්ච ගමනක් තමයි අපි අතීතයෙත් ගත කරලා තියෙන්නේ. එය භාග්‍යවතුන් වහන්සේ අපිට ඉතා හොඳින් පැහැදිලි කළා. මේ ගමන මෙන්න මේ වගේ දුක් සහිත වූවක් බව. අතිශය දුක්ඛදායි සසරක ගමන් කරමින් අපි මේ තැනට අද පත් වෙලා තියෙන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගෙන සුගතියේ හිටියට දුකකින් තමයි අපි ජීවත් වන්නේ. දරුවෙක් ඉපදුනායින් පස්සේ මේ ලෝකයේ ඉන්න කවුරුවත් තේරුම් ගත්තේ නැහැ, අනේ මේ දරුවා වයසට යනවා. ලෙඩ වෙනවා නේ ද කියලා. මේ දරුවා මරණයට පත් වෙනවා නේද කියලා කවුරුවත් තේරුම් ගත්තේ නැහැ. ඔය දරුවා ටික ටික වැඩිලා ඊට පස්සේ එක එක ශ්‍රේණියෙන් ශ්‍රේණියට පාසලේ ඉහළට යනවා. අපිට හරි සතුටුයි. ඇයි අපි මේකෙ යථාර්ථය තේරුම් අරගෙන නැහැ. මේ දරුවා ටික ටික ජරාවට පත්වෙන එකයි මේ සිදුවෙවී සිදුවෙවී යන්නේ. අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ළමයා වැඩෙනවා කියලා. නමුත් මේ පුංචියට ඉපදුණ ළමයා ජරාවටයි පත්වෙන්නේ කියන එක තේරෙන්නේ ධර්මය හොඳට ප්‍රගුණ කරලා තියෙන කෙනකුට. ධර්මය ප්‍රගුණ කරලා නැති කෙනකුට හිතෙන්නේ මෙයා වැඩෙනවා කියලා. දොස්තර විභාගය සමත් කරලා නැති කෙනෙක් දොස්තර නළාවක් කරේ දාගෙන අනෙක් කෙනාගේ පපුවට තියලා පරික්ෂා කරන්න පටන් ගත්තොත් එයාට ඇහෙයි ශබ්ද ගොඩක්. නමුත් මේ ශබ්ද මොනවද කියලා එයාට අවබෝධයක් නැහැ. ඇයි එයා ඒක පුරුදු වෙලා නැහැ. එයාට හිතෙන්නේ ශබ්ද ගොඩක් තියනවා කියලා විතරයි. නමුත් වෛද්‍ය විද්‍යාව හදාරලා තියන කෙනා හොඳට මේවා පුරුදු කරලා තියෙන නිසා මේක ඉගෙන ගෙන තියෙනවා, භාවිත කරලා තියෙනවා. ඒ නිසා හොඳට මේ ශබ්ද තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ලෙඩේ කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති කෙනකුට ඒක තේරුම් ගන්න බැහැ.


ඉල් පුර අටවක

නොවැම්බර් 20 සඳුදා
පූ.භා. 05.23 න් පුර අටවක
ලබා 21 අඟහරුවාදා
පූ.භා. 03.18 න් ගෙවේ.
 20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]